යෝජිත කුලී ආදායම් බද්දෙන් සහන ලැබෙන කණ්ඩායම්

Value Added Tax​ (VAT) Income Tax Return
By Wayomi Jun 19, 2024 12:44 PM GMT
Wayomi

Wayomi

Report

යෝජිත කුලී ආදායම් බද්ද මගින් මෙරට ජනතාවගෙන් 90%කට සිදු වන්නේ හිතකර බලපෑමක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය, ආචාර්ය රංජිත් සියඹලාපිටිය සඳහන් කරනවා.

ඒ , අනුව එම බද්දට යටත් වන්නේ 10%ක් තරම් වන ඉහළ ධනවතුන් පමණක් බවත්, සාමාන්‍ය ජනතාව මෙම බද්ද සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරනොගත යුතු බවත් ඔහු අවධාරණය කරනවා.

රූසපුව වැඩි කරන. ක්ලියෝපැට්රා පවා බීපු - ලංකාවේ බූරුවන්ගේ කිරි වලින් නිපදවන්න යන දේ මෙන්න.

රූසපුව වැඩි කරන. ක්ලියෝපැට්රා පවා බීපු - ලංකාවේ බූරුවන්ගේ කිරි වලින් නිපදවන්න යන දේ මෙන්න.


ඔහු මේ බව කියා සිටියේ, අද (19) පාර්ලිමේන්තුවේදී කැසිනෝ ශාලා සඳහා සිදු කළ බදු සංශෝධනවලට අදාළ නියෝග පිළිබඳ විවාදයට එක්වෙමින්.

ඒ, අනුව බද්දට යටත් වන 10%ක තරම් පිරිසගෙන් අය කර ගන්නා බදු සෙසු 90%ක් වන ජනතාවගේ අවශ්‍යතා සඳහා වැය කරන බවද අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

මේ අතර කැසිනෝ ශාලාවලින් නියමිත අයුරින් බදු මුදල අය කරගැනීම සිදුවන්නේ වත්මන් පාලනය යටතේ බවත් අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

උතරේ දේශපාලන පෙරළියක්! - කරුණා අම්මාන්ගේ හෙළිදරව්ව මෙන්න.

උතරේ දේශපාලන පෙරළියක්! - කරුණා අම්මාන්ගේ හෙළිදරව්ව මෙන්න.


ඒ අනුව කැසිනෝ ශාලාවක පිරිවැටුමෙන් 60%ක් රාජ්‍ය ආදායමට එක් කරගැනීමට රජය සමත්වී ඇති බව සියඹලාපිටිය පෙන්වා දෙන අතර මීට පෙර කැසිනෝ ශාලාවලින් අය කර ගනු ලැබුවේ ආදායම් බදු පමණක් බව ද ඔහු පවසනවා.

එමෙන්ම මේ වන විට බලපත්‍ර සඳහා කෝටි 50ක්, වාර්ෂික අලුත් කිරීම සඳහා කෝටි 50ක් සේම පිරිවැටුමෙන් 15%ක් ලෙස කැසිනෝ ශාලාවලින් අයකරනු ලබනවා.

රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීම සේම ඇතැම් ව්‍යාපාර අධෛර්යමත් කිරීමත් බදු අය කරගැනීමේ අපේක්ෂාවන් බවද අමාත්‍යවරයා සඳහන් කළ ඔහු ඒ අනුව මේ වනවිට කැසිනෝ සඳහා ලෝකයේ වැඩිම බදු අයකරන රටක් බවට ශ්‍රී ලංකාව පත්වී ඇති බවද අවධාරණය කර සිටියා.

පියුමි හංසමාලී ගැන මෙච්චර දෙයක් මීට කලින් දැනගෙන හිටියද? - මෙන්න ලැබුණු හදිසි අධිකරණ නියෝගය.

පියුමි හංසමාලී ගැන මෙච්චර දෙයක් මීට කලින් දැනගෙන හිටියද? - මෙන්න ලැබුණු හදිසි අධිකරණ නියෝගය.