ඔයත් Online ගණුදෙනු කරන කෙනෙක් නම් මේ දේ ගැනත් අනිවාර්යයෙන්ම දැනුවත් වෙන්න - රටපුරා ජනතාවට විශේෂ දැනුම්දීමක්.

Lanka Business Online Sri Lanka Online business
By krishani Sep 11, 2023 11:02 AM GMT
krishani

krishani

Report

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ තම නිල වෙබ් අඩවිය කිසිදු මාර්ගගත ගනුදෙනුවක් සඳහා පහසුකම් සලසා නොමැති බවයි.

තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් නිර්මාණය කර, මහජනතාවගේ ණය කාඩ්පත් සහ හර කාඩ්පත්වල තොරතුරු ලබාගන්නා වංචනික ක්‍රියාවක් සම්බන්ධයෙන් පසුගිය දා වාර්තා විය.

එවැනි ආකාරයේ කිසිදු මාර්ගගත ගනුදෙනුවක් සඳහා සිය වෙබ් අඩවිය පහසුකම් සලසා නොමැති අතර වංචනිකයින් විසින් සිය දෙපාර්තමේන්තුවේ වෙබ් ලිපිනය ද අවභාවිත කර ඇති බව ඒ පිළිබඳ දැනුවත් කරමින් තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

මෙම වංචාව සිදුකර ඇත්තේ අදාළ වෙබ් අඩිවිය සබැඳිව පුද්ගලයින් වෙත දුරකථන මාර්ගයෙන් කෙටි පණිවුඩයක් යොමුකර ඇණවුම් කර ඇති පාර්සලයක් සඳහා සුළු ගෙවීමක් සිදුකළ යුතු බවට පවසමින් ය.

කෙසේ වෙතත්, මෙම ක්‍රියාව සිදුකරන වංචනිකයන්ට හසු නොවන ලෙස තැපෑල් දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

එමෙන්ම මේ සම්බන්ධයෙන් යම් පැමිණිල්ලක්, විමසීමක් හෝ පැහැදිලි කිරීමක් අවශ්‍ය වන්නේ නම් 1950 හදිසි ඇමතුම් අංශයෙන් හෝ තැපැල් මූලස්ථානය අමතන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.


අන්තර්ජාලයෙන් බඩු ගන්නවා නම් බලාගෙනයි. - ශ්‍රි ලංකා තැපෑලේ නම පෙන්වා කාඩ් එකේ සල්ලි කපාගනී. (PHOTO)

අන්තර්ජාලයෙන් බඩු ගන්නවා නම් බලාගෙනයි. - ශ්‍රි ලංකා තැපෑලේ නම පෙන්වා කාඩ් එකේ සල්ලි කපාගනී. (PHOTO)


පිරමීඩ ජාවාරමේ මුදල් ලබා දෙන විට සිදු වූ දේ..

පිරමීඩ ජාවාරමේ මුදල් ලබා දෙන විට සිදු වූ දේ..



ReeCha