ක්‍රිකට් ගැන ජනපති මාධ්‍ය අංශයේ නිවේදනය සත්‍ය අසත්‍ය ගැන - ක්‍රීඩා අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්.
අද(14) දහවල් ඉදිරියේ දී අතුරු කමිටු පත්කරන්නේ නම් ඒ සඳහා කැබිනට් අනුමැතිය ලබාගත යුතු බවට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණා.
කෙසේ වෙතත් ජනාධිපති මාධ්‍ය අංශය විසින් (PMD) නිකුත් කළ නිවේදනයක් සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.
ඒ, අනුව ක්‍රීඩා අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ, ඉදිරි අතුරු කමිටු පත්කිරීම් සම්බන්ධයෙන් සාකච්ඡාවක් හෝ කැබිනට් නියෝගයක් ලැබී නොමැති බවයි.
මේ අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවීමේ සිදුවීම සම්බන්ධයෙන් අවශ්‍ය තීරණ ගැනීමේ බලය විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රිගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද අමාත්‍ය මණ්ඩල අනුකමිටුවට ලබා දී තිබෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වුණේ.
මේ අනුව ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ කියා සිටියේ, අදාළ නිවේදනය නිවැරදි කළ යුතු බව ක්‍රීඩා අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.
