ක්‍රීඩා ඇමතිගේ විශාල චෝදනාවට ක්‍රිකට් ආයතනයෙන් පිළිතුරු.

Roshan Ranasinghe Sri Lanka Cricket Sri Lanka
By Wayomi Nov 08, 2023 10:32 AM GMT
Wayomi

Wayomi

Report

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩා අමාත්‍යවරයාගේ ප්‍රකාශ වලට එරෙහිව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඔවුන් ඉන් දක්වා ඇත්තේ, පාර්ලිමේන්තු වරප්‍රසාදවලට ආවරණය වී ක්‍රීඩා අමාත්‍යවරයා නිවැරදි නොවන, නොමඟ යවන සුලු චෝදනා එල්ල කර ඇති අතර ලබන වසරේ දී මෙරට පැවැත්වීමට නියමිත යොවුන් ලෝක කුසලාන තරගාවලිය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ජනතාවට ලබාදීම අරමුණ බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙන්වා දෙන්නේ, එම තරගාවලිය 2024 ජනවාරි මස ශ්‍රී ලංකාවේ පැවැත්වෙන බවත්, ඒ සම්බන්ධයෙන් තමන් මේ දිනවල කැප වී කටයුතු කරන බවත්ය.

එමෙන්ම මේ දිනවල දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ විදුලි ආලෝක පද්ධතිය සවි කිරීම සහ එහි අනෙකුත් පහසුකම් වැඩිදියුණු කිරීම 2023 ආසියානු කුසලාන තරගාවලියට සාපේක්ෂ ව ආරම්භ කළ බවත් ආනයන සම්බාධක හේතුවෙන් එහි කටයුතු අපේක්ෂා කළ පරිදි නිම කිරීමට නොහැකි වූ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ, අනුව එම ක්‍රීඩාංගණයේ විදුලි ආලෝක පද්ධතිය නැවත ස්ථාපනය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් බිලියන 1.5ක් වියදම් කර ඇති බවට යෝජනා කළහොත් එය සත්‍ය නොවන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවධාරණය කරන්නේ.

නිවේදනය පහතින්,


Gallery
ReeCha