අගමැති මෝදි දිවුරුම් දීමේ උත්සවයට අත්භූත සත්වයෙක් ඇවිත්..මුළු ඉන්දියාවම පුදුම කළ සිද්ධිය මෙන්න..(VIDEO)

Report

අගමැති මෝදිගේ තුන්වන වරටත් දිවුරුම් දීමේ උත්සවය උත්කර්ශවත් අයුරින් පසුගියදා පැවැත්වුණා.

අගමැති මෝදිගේ මෙම දිවුරුම් දීමේ උත්සවය අතරතුර රාෂ්ට්‍රපති භවන් හි වේදිකාව පිටුපසින් අද්භූත සතෙකු ඇවිදින අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ ප්‍රචලිත වෙමින් පවතිනවා.

ජනපතිගේ නිර්දේශ මත පිරිසකට හදිසි වැටුප් වැඩි කිරීමක්...ඊයේ සිට ක්‍රියාත්මකයි..

ජනපතිගේ නිර්දේශ මත පිරිසකට හදිසි වැටුප් වැඩි කිරීමක්...ඊයේ සිට ක්‍රියාත්මකයි..


භාරතීය ජනතා පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දුර්ගාදාස් උයිකේ සහ අජේ ටම්ටා දිවුරුම් දෙන අවස්ථාවේදී, මෙම සිදුවීම කැමරාවලට හසුවී තිබෙන බවයි පැවසෙන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මෙම අද්භූත සත්වයා උත්සවය අතරතුර පඩිපෙළ මත කිහිප වතාවක්ම දැකගත හැකි වූ අතර එය කුතුහලය දනවන එකක් වූ බවයි.

ඉන්දීය මාධ්‍ය සඳහන් කර සිටියේ, මෙම සත්වයා එහිම ජීවත්වන සත්වයකු වන බවයි.

කෙසේ වෙතත්, මේ සම්බන්ධව එම උත්සවයේ සංවිධායකවරු කිසිඳු ප්‍රකාශයක් සිදුකර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා තහවුරු කරයි.

ශ්‍රී ලංකාවට අවසන් 08 දෙනා අතරට පැමිණීමේ නව බලාපොරොත්තුවක්..ඊයේ රෑ සිදු වූ දේ මෙන්න..

ශ්‍රී ලංකාවට අවසන් 08 දෙනා අතරට පැමිණීමේ නව බලාපොරොත්තුවක්..ඊයේ රෑ සිදු වූ දේ මෙන්න..


ඉන්දීය ජනාධිපතිවරියගේ නිල නිවසවන රාෂ්ට්‍රපති භවන් හීදී පැවති මෙම උත්සවයට ලොව පුරා අමුත්තන් 8,000 කට වැඩි පිරිසකට ආරාධනා කර තිබීම විශේෂත්වයක්.

මේ අතර මෙම විශේෂ අවස්ථාව සඳහා ඉන්දීය අගමැති මෝදි මහතාගේ ආරාධනාවෙන් මෙරට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ද සහබාගී විය.

තවද පසුගියදා දිවුරුම් දුන් ඉන්දීය අගමැති මෝදි මහතා ඉදිරි දිනයක ලංකාවට පැමිණෙන බව දැනුම්දී තිබේ.

මෙම අත්භූත සිදුවීමට අදාල වීඩියෝව පහතින් නරඹන්න,