මැතිවරණ කොමිසමෙන් පොලිසියට උපදෙසක්...

Report

ඒ ඒ ප්‍රදේශවල මැති ඇමැතිවරුන් ඇතුළු දේශපාලඥයන්ගේ රූප මැතිවරණ කාර්යාලවල ප්‍රදර්ශනය කර ඇති අතර ඒවා ඉවත් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව පොලිසියට උපදෙස්දී තිබෙනවා.

මෙවැනි රූප ප්‍රදර්ශන කිරීමෙන් සිදුවන්නේ නැති ආරවුල් නිර්මාණය වීම බවත් එබැවින් මෙවැනි දේවල් ඉවත් කිරීමට පොලිසියට බලය ඇතැයි ද මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසීය.

කොකේන් කිලෝ දෙකක් සමඟ මැලේසියන් කතක් අත්අඩංගුවට...

කොකේන් කිලෝ දෙකක් සමඟ මැලේසියන් කතක් අත්අඩංගුවට...

එමෙන් ම, කොමසාරිස් ජනරාල්වරයා සදහන් කරේ, බොහෝ අපේක්ෂකයන්ගේ කාර්යාල මඩු සහ කූඩාරම් බවත් මේවා කාර්යාල යන නමටත් නොගැලපෙන බවත් ය.

තව ද, අපේක්ෂකයාගේ ලකුණ සහ රුව ඇතුළත් කර බැනර් කටවුට් ප්‍රදර්ශනය කිරීම සඳහා මෙවැනි කූඩාරම් පවත්වාගෙන යන බව ද කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කර ඇත.