විභාග පැවැත්වීම සම්බන්ධයෙන් අලුත්ම තීරණයක්.

Parliament of Sri Lanka Ranil Wickremesinghe Sri Lanka Department of Examinations Sri Lanka President of Sri lanka
By krishani Oct 07, 2023 06:32 AM GMT
krishani

krishani

Report

විභාග නිසි කලට පැවැත්වීම සඳහා පාර්ලිමේන්තු නීතියකින්ම කටයුතු සම්පාදනය කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් උපදෙස් ලබා දී ඇති බවට තොරතුරු වාර්තා වේ.

ඒ අධ්‍යාපන අමාත්‍යවරයාට ය.

එහිදි ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ අපොස උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග 2025 වසරේ සිට නියමිත කාලයේ දී පැවැත්විය යුතු බවටයි.

මෙලෙස උපදෙස් ලබා දී ඇත්තේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති හමුවක දී ය.

ඒ අනුව දැනට තීරණය කර ඇති පරිදි මේ වසරේ විභාග පවත්වන ලෙසත් 2024 වසරේ විභාග ද ඒ වසරේම පවත්වා අවසන් කිරීමට උත්සාහ කරන ලෙසත් රනිල් වික්‍රමසිංහ මහතා ලබා දුන් උපදෙස් වල සඳහන් බව සඳහන් වේ.

එමෙන්ම 2025 වසරේ සිට නියමිත අයුරින් දරුවන්ට බරක් නොවන පරිදි විභාග පවත්වන්නට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

කෙසේ වෙතත්, වැඩිදුරටත් ජනාධිපතිවරයා පවසා තිබෙන්නේ එලෙස විභාග පවත්වන නිශ්චිත දිනයක් ප්‍රකාශයට පත්කළ පසු එය දරුවන්ට විභාග වලට සූදානම් වීමට පහසුවක් වන බවයි.

ReeCha