උසස් පෙළ ලිවිමට යන අතරතුර අපේක්ෂිකාවකට ඇසිඩ් ප්‍රහාරයක් - තුන් දෙනෙක් රෝහල්ගත කරයි..

Sri Lanka Police Sri Lanka
By krishani Jan 24, 2023 04:40 AM GMT
krishani

krishani

Report

උසස් පෙළ විභාගයට පෙනීසිටීමට සිය පියා සමඟ ත්‍රිරෝද රථයකින් යමින් සිටි 21 හැවිරිදි තරුණියකට කෑගල්ල - පරගම්මන ප්‍රදේශයේ දී තරුණයෙකු විසින් ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර ඇත.

ඊයේ (23) යතුරුපැදියකින් පැමිණි අදාළ තරුණයා තරුණියගේ පෙම්වතා බවට පැවසෙන අතර ඔහු මග හරස් කොට එම ඇසිඩ් ප්‍රහාරය එල්ල කර ඇත්තේ.

එහි දී පියා විසින් එය ව්‍යාර්ථ කර ඇත.කෙසේවෙතත් තරුණියගේ පියා, තරුණයාට යළි ඇසිඩ් ගැසීමට සූදානම් වූ අවස්ථාවේ දි ඇති වූ උණුසුම් තත්වයත් සමඟ ඔවුන් තිදෙනාටම ඇසිඩ් වැදී ඇත.

තරුණියට අමතරව 45 හැවිරිදි පියා සහ 21 හැවිරිදි තරුණයා ද කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha