මහාචාර්ය නීලිකා ගෙන් නැවතත් මාධ්‍යයට චෝදනාවක්

VACCINATION NEELIKA MALAVIGE JAYAWARDHANAPURA CAMPUS MEDIA
By Sewvandhi Sep 07, 2021 01:51 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මෙරට ජනමාධ්‍ය දිගින් දිගටම තමන් සිදුකරන ප්‍රකාශ වැරදි ලෙස අර්ථ ගන්වමින් පළ කරන බවට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්තිකරණ විද්‍යාඥවරියක වන මහාචාර්ය නීලිකා මලවිගේ පවසනවා.

ඇය චෝදනා කරන්නේ තමන් අන්තර්ජාලය ඔස්සේ විනාඩි 40ක් පුරා සිදුකරන දේශනයක කුඩා වාක්‍ය ඛණ්ඩයක් පමණක් උපුටා දක්වමින් තමන් සිදුකරන සම්පූර්ණ දේශනයේ අර්ථය සහමුලින් විකෘති වන ලෙස මෙරට ජනමාධ්‍යය වාර්තාකරණයේ යෙදෙන බවයි.

පසුගිය දිනෙක තමන් පාසල් නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් සිදුකල ප්‍රකාශයක් මෙලෙස වැරදි ලෙස උපුටා දක්වමින් සිදුකර තිබූ වාර්තාකරණයක් සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඇය එම සිදුවීම දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබෙනවා. සිය නිල ෆේස්බුක් ගිනුමේ සටහනක් තබමින් මහාචාර්ය නීලිකා මලවිගේ මෙරට ජනමාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටින්නේ පුද්ගලයින් සිදු කරණ ප්‍රකාශ වැරදි ලෙස උපුටා දැක්වීම හෝ එහි අන්තර්ගතය විකෘති කිරීමෙන් වළකින ලෙසයි.

එම සම්පූර්ණ ප්‍රකාශය පහතින් මේ කාලය පුරාම මම නිහව සිටියෙමි, මම කිසි විටෙකත් නොකියූ දේ මා කල බවට සඳහන් කරමින්, මා කරනා විනාඩි 30-40 ක අන්තජාල දේශනයකින් එක වාක්‍යයක් පමනක් ගෙන සමස්ත දේශනයේ අර්ථය බැහැර කර, ශ්‍රී ලංකාවේ මාධ්‍ය මා වැරදි ලෙස උපුටා දක්වමින් සිටියදී මම නිහඬව සිටියෙමි. ශ්‍රී ලංකාවේ මාධ්‍යය මෙය මාවම ඉලක්ක කර මෙය කිරීම ගැන මම බෙහෙවින් වෙහෙසට පත්ව සිටිමි.

දැන්වත් මෙය නැවැත්විය යුතුයි! ඔවුන් මෙය කරන්නේ ඇයි? මේකට නැවතුමක් නැද්ද? ඔවුන් වැරදි දේ උපුටා දැක්වීමෙන් හා ඊටත් වඩා නරක ලෙස මම කිසි දිනෙක නොකියූ දේ පළ කිරීමෙන් සිදු කරන හානිය ඔවුන් නොදන්නේද? එසේම, මම විනාඩි 30-40 ක වෙබිනාර් එකක් කළ විට ඔබ මුළු වෙබිනාර් එකේම වාක්‍යයක් පමණක් ගෙන එය මාතෘකාවක් ලෙස තැබුවහොත් එය කෙතරම් නොමඟ යවන සුළුද?

අපි දැන් පාසල් විවෘත කළ යුතු යැයි මම කිසිවිටකත් කීවේ නැත. මේ වන විට රට අගුලු දමා ඇති අතර රෝගීන් වාර්තා වීම සහ මරණ අඩු වීමට පටන් ගෙන ඇත. ගේට්වේ විද්‍යාලයේ වෙබිනාර් එකකදී මම ඇත්ත වශයෙන්ම පැවසූ දේ ගැන යමෙකු උනන්දුවක් දක්වන්නේ නම් කරුණාකර එම දිගුව බලන්න. එවිට ඔබට මම මෙය පැවසුවාද නැද්ද යන්න පරීක්‍ෂා කර බැලිය හැකියි. සේ නොමැතිව මට උපහාස කරන්නන්ටත් නින්දා කරන්නන්ටත් කියන්නට වෙනත් දෙයක් නැත. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


ReeCha