තවත් දරුණු අනතුරක් පුංචි මල් කැකුළක් මරුට

Report

අම්පාර මහ රෝහල ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේ පදික මාරුව හරහා අද (22) දින ප.ව. 6.15ට පමණ ගමන් කරමින් සිටි සිව්වැවිරිදි පිරිමි දරුවෙකු සහ දරුවාගේ පුංචි අම්මා බව කියන කාන්තාවක් ටිපර් රථයකට යටවී ඇත.

එහිදී එම  දරුවා එම ස්ථානයේදීම මියගොස්, 27 හැවිරිදි පුංචි අම්මා බරපතල තුවාල ලබා රෝහල් ගතකල බව, අම්පාර පොලිසිය පවසයි.

යළි පහළ ගිය රන් මිලේ අද මිල මෙන්න

යළි පහළ ගිය රන් මිලේ අද මිල මෙන්න

රෝහල් ගතව සිටි දරුවාගේ මව බැලීම සදහා උහන 22 ජනපදයේ සිට පුංචි අම්මා සහ ආච්චී සමග රෝහලට පැමිණ ආපසු යෑම සදහා රෝහලෙන් පිටතට පැමිණ පදික මාරුව මතින් ප්‍රධාන මාර්ගය හරහා මාරුවෙමින් සිටිය දී කල්මුණ හංදිය දිහාවෙන් පැමිණි ටිපර් රථයකට පුංචි අම්මා සහ දරුවා යටවී ඇතිබව, මූලික පොලිස් විමර්ශනයේ දී අනාවරණයවී ඇත.

රියදුරන් කොට්ඨාසයකට විශේෂ බලපත්‍රයක් 31 වෙනිදාට කලින් ගන්න ඕනී - මෙන්න විස්තරේ

රියදුරන් කොට්ඨාසයකට විශේෂ බලපත්‍රයක් 31 වෙනිදාට කලින් ගන්න ඕනී - මෙන්න විස්තරේ

අම්පාර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක අසේල කේ. හේරත් මහතා විසින් සැකකරු සිද්ධිය වූ අවස්ථාවේදීම අත්අඩංගුවට ගෙන ඇත.

දෙමව්පියෝ බයවෙන්න එපා පාසල් දරුවන්ගෙන් මේ විෂයන් දෙක අයින් කරන්නේ නෑ - ගුරු වෘත්තීයටත් සාකච්චා

දෙමව්පියෝ බයවෙන්න එපා පාසල් දරුවන්ගෙන් මේ විෂයන් දෙක අයින් කරන්නේ නෑ - ගුරු වෘත්තීයටත් සාකච්චා