මගේ ඔළුවට වෙඩි තියන්න හැදුවා පන්සල ඇතුළට කුඩු සහ තුවක්කු ගෙනත් දාලා මාව හිර කරන්න යන්නේ
මඩකළපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන නාහිමියන් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් තමාගේ හිසට වෙඩි තබන අවස්ථාවේදී පවා සිවිල් ආරක්ෂක බළකායෙන් සිටියද වෙඩි තැබූ පුද්ගලයන් පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් නොමැති වීම පිළිබඳව රටේ ආරක්ෂක ලේකම්වරයාගේ අවධානය වහා යොමු විය යුතු බවත් සිවිල් ආරක්ෂක බළකායේ නිලධාරීන් සිවුදෙනකු ආරක්ෂාවට යොදවා තිබියදී වන අලි ප්‍රහාරයට ලක්ව හානියට පත් ගොඩනැගිලි ඉදිකර ගැනීමට සිවිල් ආරක්ෂක බළකායෙන් ශ්‍රමදායකත්වය ලබාදෙන බවට පොරොන්දු වුවද එම බළකායේ කිසිදු උසස් නිලධාරියකු තම දුරකථන ඇමැතුම් වලට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වන බවත් චෝදනා කර ඇත.
මීට අමතරව මඩකළපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන නාහිමියන් වසන් විහාරස්ථානයට ගිනි අවි හා මත්ද්‍රව්‍ය ගෙනැවිත් දමාතමන්ව බොරු චෝදනා වලට හසු කොට සිරගත කිරීමේ සැලැස්මක් ඇති බව තොරතුරු ලැබුණ බවත් මේ සදහා ජනාධිපතිවරයාගේ ආරක්ෂක අමාත්‍යවරයාගේ සහ ලේකම්වරයාගේ අවධානය හා ආරක්ෂාව සලසා දෙන ලෙසත් ඉල්ලීමක් කර ඇත.
දාන ශාලාව සහ විශ්‍රාම ශාලාවේ මුර සේවයට යොදවා සිටියදී වන අලින් විසින් විනාශ කළ බවත් එය මෙතෙක් ඉදිකිරීමට කිසිදු අංශයක අවධානය යොමු වී නොමැති බවත් ඒවා දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්, දායකකාරකාදීන්, ලබාදුන් මුදල් වලින් ඉදිකළ බවත් නාහිමියන් අවධාරණය කරයි. සෑම රජයක්ම නැගෙනහිර පළාතේ වෙහෙර විහාරස්ථාන වලට මෙන්ම තම විහාරස්ථානයට කුඩමගේ සැලකිලි දැක්වූ බවත් නැගෙනහිර පළාතේ පුරාවිදන ස්ථාන යම් යම් සංවිධාන විනාශ කළද ඊට කිසිදු අවධානයක් නැතිකම පිලිබදව නාහිමියන් චෝදනා කල අතර වසර තිහක් පැවති කුරිරු යුද්ධයට තමන් වහන් සේ යුද්ධයෙන් බැටකා ප්‍රදේශයේ ජනතාව සමඟ නොබියව සිටි බවත් විහාරස්ථාන 14ක් ආරක්ෂා කරගෙන සිටි ආකාරය මතක් කළේය.
එමෙන්ම වෙනසක් සිදු කරන බවට වත්මන් රජයෙන් පොරොන්දු වුවද, මෙතෙක් නැගෙනහිර පළාතේ වෙහෙර විහාර සංවර්ධනය කිරීමේදීත්, නැඟෙනහිර පළාතේ යටිතල පහසුකම් සංවර්ධන කටයුතු වලදී මෙන්ම, සිංහල ජනතාවගේ මූලික අයිතිවාසිකම් ලබා ගැනීමේදීත්, විවිධ රාජ්‍ය අංශ නිලධාරීන්ගේ තාඩන පීඩන වලට ඔවුන් ලක්වන බවත් ඒ පිළිබඳව අනුර කුමාර දිසානායක මහතාගේ අවධානය වහා යොමු විය යුතු බවත් තම ඉල්ලීම් වලට ඉක්මන් විසඳුම් ලබා නොදුනහොත් ජනාධිපතිවරයා විදේශීය සංචාරය නිමකර ශ්‍රී ලංකාවට පැමිණි වහාම තමා කොළඹට පැමිණ මුණගැසී කරුණු කාරණා ඉදිරිපත් කිරීමට වැඩ පිළිවෙළක් සකසා ගෙන ඇති බවද සුමනරතන නාහිමියෝ පවසයි.