මත්ද්‍රව්‍ය සමග ඇමරිකානු ජාතිකයෙක් ගුවන්තොටුපලේදී අත්අඩංගුවට
By Hashini
රුපියල් මිලියන 230ක පමණ වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය සමග අමෙරිකානු ජාතිකයෙකු ගුවන්තොටුපොළෙදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද (15) සැකකරු ගුවන්තොටුපොළෙ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී කුෂ් කිලෝග්‍රෑම් 23ක් ඔහු සන්තකයේ තිබී සොයාගෙන තිබෙනවා.
ඔහු එම කුෂ් මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේ සිට මෙරටට රැගෙනවිත් ඇත්තේ.
31 හැවිරිදි මෙම ඇමෙරිකානු ජාතිකයා එරට ඉඩම් වෙළෙඳාමේ නිරත සමාගමක සේවය කරන්නෙක් බව වාර්තා වෙනවා.
ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ කිලෝ ග්‍රෑම් 01 බැගින් වූ පැකට් 23 ලෙස සකස් කර, මෙම කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 23ක ප්‍රමාණය සඟවා ගෙන රැගෙන තිබෙනවා.