අමෙරිකාවෙන් හදිසි අනතුරු ඇඟවීමක්..ලංකාවටත් රතු එළියක්..

Sri Lanka United States of America Pakistan Iran Iran-Israel Cold War
By Aruna Apr 24, 2024 08:06 AM GMT
Aruna

Aruna

Report

ඉරානය සමග වෙළෙඳ ගනුදෙනු සිදුකරන රටවල්වලට එරෙහිව සම්බාධක පැනවීමේ අවදානමක් ඇතැයි අමෙරිකාව අද අනතුරු ඇඟවවීමක් නිකුත් කර තිබෙන බව වාර්තා වනවා.

අමෙරිකාව මෙම අනතුරු ඇඟවීම සිදුකළේ ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි පාකිස්තානයේ දින 3ක සංචාරය අද (24) නිමකර ශ්‍රී ලංකාව බලා පිටත් වීමෙන් පසුව වීම විශේෂත්වයක්.

ඉරාන ජනාධිපතිවරයාගේ සංචාරය අතරතුරදී පාකිස්තානය සහ ඉරානය අතර අවබෝධතා ගිවිසුම් 8ක් අත්සන් කෙරුණු අතර දෙරට අතර වෙළෙඳාම ඩොලර් බිලියන 10ක් දක්වා වැඩිකිරීමට ද ඉන් යෝජනා කර තිබූ බවයි පැවසෙන්නේ.

ඉරාන ජනපතිවරයා සඳුදා (22) පාකිස්තානයට පැමිණි අතර, ඔහුගේ සංචාරයේ එක ප්‍රධාන අරමුණක් ලෙස සඳහන් වූයේ දෙරට අතර පැවති ගැටලු නිරාකරණය කර ගැනීමයි.