ඇමරිකාව සතු අවසන් මාරාන්තික රසායනික අවි තොගය විනාශ කෙරේ.

United States of America World
By Wayomi Jul 08, 2023 07:14 AM GMT
Wayomi

Wayomi

Report

ඇමරිකානු හමුදාව සතු අවසන් මාරාන්තික රසායනික අවි තොගය විනාශ කළ බවට ජනාධිපති ජෝ බයිඩ්න් නිවේදනය කර තිබෙනවා.

ඒ,ඇමරිකානු හමුදාව සතු අවසන් මාරාන්තික රසායනික ද්‍රව්‍ය ටොන් 500 ක් විනාශ කිරීමේ සිව් වසරක ව්‍යපෘතිය සම්පූර්ණයෙන්ම අවසන් කිරීමෙන් පසුවයි.

දශක තුනකට පෙර ගෙන ආ රසායනික අවි භාවිතයෙන් ඉවත්වීමේ ජගත් සම්මුතියට අවසන් වරට අත්සන් කර තිබුණේද ඇමරිකාවයි.

ලොව රටවල් රැසක් මෙම සම්මුතියට අත්සන් තබා තිබූ අතර, ඇමරිකාවට සියලුම රසායනික සහ යුධෝපකරණ විනාශ කිරීමට මේ වසරේ සැප්තැම්බර් 30 දක්වා කාලය ලබාදී තිබෙනවා.