ජනප්‍රිය ත‍්‍රිපෝෂ බ්‍රෑන්ඩ් එක අලුත් අතකට
ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගමේ නව සභාපතිවරයා ලෙස අමල් නිරෝෂණ අත්තනායක මහතා පත් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇත.
දේශීය හා ජාත්‍යන්තර ව්‍යාපාරික ක්ෂේත්‍රයේ වසර 25කට අධික පළපුරුද්දක් හිමි අත්තනායක මහතා මෙම තනතුරට පත් කිරීමේ ලිපිය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් අමාත්‍යාංශ පරිශ්‍රයේදී භාර දෙන ලදී.
මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන අමල් නිරෝෂණ අත්තනායක මහතා, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී ගෞරව උපාධියක් හිමිකරගෙන ඇත.
පාසල් කාලයේ ජනාධිපති බාලදක්ෂයෙකු ලෙස කටයුතු කළ ඒ මහතා, විශ්වවිද්‍යාල ක්‍රීඩා සංගමයේ ලේකම් ලෙස සේවය කරමින් ටෙනිස් ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කර ජාත්‍යන්තර තරඟාවලිවලට සහභාගී වී ඇත.
දේශීය හා ජාත්‍යන්තර වෙළඳ සන්නාම රැසක නිර්මාණකරුවෙකු ලෙස කටයුතු කළ අත්තනායක මහතා, දකුණු ආසියාවේ සහ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ප්‍රදර්ශන රැසක් සාර්ථකව මෙහෙයවා හා කළමනාකරණය කර ඇත.
ඒ සමඟම, නවීන තාක්ෂණය හා ඩිජිටල්කරණය පිළිබඳ ඔහු සතුව ඇති පුළුල් පළපුරුද්ද මෙම තනතුරට ඔහු තෝරා ගැනීමට හේතුවක් වී ඇත.
