විශ්මිත, ත්‍රාස්‍යජනක රඟපෑමකට යන ලොම පළමු පිරිස මෙන්න.

World American Russian Cinema Aeronautical Center
By Aruna Oct 06, 2021 03:36 AM GMT
Aruna

Aruna

Report

'මිෂන් ඉම්පොසිබල්' හොලිවුඩ් චිත්‍රපටයේ මීලඟ අදියර ලෙස සුප්‍රකට සිනමා නළු ටොම් කෲස් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් අභ්‍යවකාශයේ දී චිත්‍රපටයක් රූගත කිරීම ඇමෙරිකාවේ මීළඟ ඉලක්කය වුණා.

කෙසේ නමුත්, අභ්‍යවකාශ තරගයට නව මුහුණුවරක් ගෙන දෙමින් රුසියානු කණ්ඩායමක් චිත්‍රපට රූගත කිරීමක් සඳහා දැන් අන්තර්ජාතික ගගන මධ්‍යස්ථානය වෙත ගොස් සිටිනවා.

ක්ලිම් ෂිපෙන්කෝ විසින් අධ්‍යක්ෂණය කරන එම චිත්‍රපටයේ තාරකාව වන්නේ යූලියා පෙරෙසිල්ඩ්.

අභ්‍යවකාශගාමියෙකුගේ ජීවිතය බේරා ගැනීම සඳහා උඩුගුවනට යන වෛද්‍යවරයෙකුගේ කතාව මෙම චිත්‍රපටයට පදනම් වී තිබෙනවා.

උඩුගුවනට යෑමට පෙර එහි අධ්‍යක්ෂවරයාට කිලෝග්‍රෑම් 15ක් බර අඩු කර ගැනීමටද සිදු වූ බව සඳහන්.

කසක්ස්ථානයෙන් නික්මුණු චිත්‍රපටයේ කාර්ය මණ්ඩලය රැගත් සෝයුස් යානය ඊයේ පැය 03ක් ඇතුළත අන්තර්ජාතික ගඟන මධ්‍යස්ථානය වෙත ළඟා වුණා.

එය ජාත්‍යන්තර ගඟන මධ්‍යස්ථානයට සම්බන්ධවීමේ ස්වයංක්‍රීය පද්ධතිය ක්‍රියා නො කිරීම නිසා එය සාමාන්‍ය පරිදි ඊට සම්බන්ධ කිරීමට නියමුවා කටයුතු කළ බව සඳහන්.

ජාත්‍යන්තර ගඟන මධ්‍යස්ථානයේ රුසියානු කුටියට ඇතුළු වූ ඔවුන් එහි රූගත කිරීම් ඉදිරි දින 08 තුළ දී සිදුකිරීමට නියමිතයි.

මෙය අභ්‍යවකාශයේ රූගත කළ ප්‍රථම චිත්‍රපටය ලෙස ඉතිහාසයට එක්වනු ඇති.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now