පාඩුයි කියලා හැමවෙලේම ලයිට් බිල වැඩි කරනවා...මණ්ඩලේ ලොක්කෝ ටික එකතුවෙලා දුන්න ගේම

Report

ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලික සමාගම් කිහිපයක් සමඟින් ගිවිසුම් අත්සන් කිරීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වේ.

ඒ මෙගාවොඩ් 10 බැගින් වන සුළං විදුලි බලාගාර හයක් වෙනුවෙන් බව ද සඳහන්.

මහින්දානන්ද හිරේ දැම්මට මිනිස්සු මෙහෙම කරලා හරි යනවද...

මහින්දානන්ද හිරේ දැම්මට මිනිස්සු මෙහෙම කරලා හරි යනවද...

එසේම මෙමඟින් රජයට රුපියල් කෝටි 2000ක පමණ පාඩුවක් සිදු වන බවට ද තොරතුරු ලැබේ.

ඒ අනුව මෙම ගිවිසුම අත්සන් කිරීමට සූදානම් වන්නේ විදුලිය ඒකකයකට රුපියල් 29.80ක් ගෙවීමේ පදනම මතයි.

එහෙත් විදුලිබල අමාත්‍යෘංශයේ කමිටුවෙන් නිර්දේශ කර ඇත්තේ සුළං බලාගාරයක නිෂ්පාදනය කරන විදුලිය ඒකකයක් ලංකා විදුලිබල මණ්ඩලය මිලදීගත යුත්තේ රුපියල් 23ක මිලකට බවයි.

හොඳ වැඩේ, ඔහොම වෙලා මදි...මාලනීයට අවමන් කළ නිළියගේ සායම නළු නිළියන්ම හෝදයි (PHOTO)

හොඳ වැඩේ, ඔහොම වෙලා මදි...මාලනීයට අවමන් කළ නිළියගේ සායම නළු නිළියන්ම හෝදයි (PHOTO)

මෙම කමිටුව 2024 වර්ෂයේ ආයෝජනය කරන සුළං බලාගාරවලින් විදුලි ඒකකයක් මිලදීගත යුතු මුදල රුපියල් 29.80ක් ලෙස තීරණය කර තිබුණා.

එසේම එය 2025 වර්ෂයේ දී රුපියල් 23කට මිලදී ගත යුතු බවටත් අඳාළ කමිටුවෙන් තීරණය විය.

පහුගිය මාර්තු මස කැබිනට් මණ්ඩලය වෙත සුළං බලාගාරවලින් නිෂ්පාදනය කරන විදුලි ඒකකයකට රුපියල් 23ක මුදලක් ගෙවිය යුතු බවට තිබූ මෙම නිර්දේශය අමාත්‍යාංශයේ කමිටුව නිර්දේශ කර ඇත.

එහෙත් මේ දක්වා එය අනුමත නොවීමට මුදල් අමාත්‍යාංශයේ ඇතැම් පිරිස් කටයුතු කළ බව ද පවසයි.

එම ආරංචි මාර්ග පැවසුවේ පැරණි මිලටම නව ගිවිසුම් අත්සන් කිරීමේ අවශ්‍යතාව නිසා ඒ වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ නිර්දේශ ඉදිරිපත් නොකෙරෙන බවයි.

ටෙන්ඩර් කැඳවීමක් මෙගාවොට් 10ක සුළං බලාගාරවලට අවශ්‍ය නොවේ.

ඒ වෙනුවට විදුලි ඒකකයට ගෙවිය යුතු මුදල කමිටුවක් මගින් නිර්දේශ කිරීමේ ක්‍රමවේදය පවතී.

ඊට අමතරව ආරංචි වන්නේ මෙම මෙගාවොට් 10 සුළං බලාගාර හයක් අලුතින් ස්ථාපිත කිරීමට සමාගම් 6ක් සමඟ ගිවිසුම් අත්සන් කිරීමට නියමිතව තිබුණ ද එහි සැබෑ හිමිකරුවන් දෙදෙනෙකු හෝ තිදෙනෙකු වන බවයි.

ලක්ෂ 20 ට වාහනයක්....නොහිතු විදිහට මිල පහලට... වාසියක්

ලක්ෂ 20 ට වාහනයක්....නොහිතු විදිහට මිල පහලට... වාසියක්