දරුවෙකු හප්පා මන්ත්‍රීවරයෙකු පලායයි

Sri Lanka Accident
By Sewvandhi Aug 14, 2022 03:33 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අලුත්ගම කළුවාමෝදර මුල්ලපිටිය පාර ප්‍රදේශයේදී බාල වයස්කාර පිරිමි දරුවකු කාර් රථයකින් අනතුරකට ලක් කර එම අනතුර වසන් කර පළා ගොස් සිටින බේරුවල ප්‍රාදේශීය සභාවේ පාලක පක්ෂ සැකකාර මන්ත්‍රීවරයෙකු වන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි අද(14) අලූත්ගම පොලිසිය පැවසීය.

ඉකුත් 12 දින රාත්‍රී හතට පමණ අනතුරට පත් 10 හැවිරිදි දරුවා සිය සොයුරිය සමඟ නිවසට ආසන්න අසළ වෙළඳ සැලකටපැමිණ යළි නිවසට යාමේදී මෙම අනතුර සිදුවී ඇති බව පරීක්ෂණ සිදුකරන පොලිසිය කියයි. අනතුරට පත් දරුවා බේරුවල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව කළුතර නාගොඩ රෝහලට මාරු කර යවා ඇත.

එම අනතුරෙන් දරුවාගේ පාදයකට සහ ශරීරයේස්ථාන කිහිපයක බරපතළ තුවාල සිදුවී ඇති අතර අනතුරට පත් දරුවාගේ භාරකරුවන් අලුත්ගම පොලිසියට කළ පැමිණිල්ලක් ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර සැකකාරප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාව සහ ඔහු පැද වූ කාර් රථය අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරින් අනතුර සිදු වූ(12) දින රාත්‍රියේසිට මේ වනවිට අවස්ථා කීපයක්ම සැකකාර ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයාගේ නිවසට ගියත් ඔහු එම කාර් රථය ද සමග නිවසින් පලාගොස් ඇතැයි විමර්ශන සිදුකරන පොලිසිය පැවසීය.

සැකකාර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා බේරුවල මුල්ලපිටිය වෙලේගෙදර පාරේ පදිංචි බේරුවල ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණ පක්ෂය නියෝජනය කරනඅයකු බවත් අනතුර සිදු කර සැඟව සිටින බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇතැයිද උසස් පොලිස් නිලධාරියෙකු පැවැසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW