දිවයින පුරා සියලු විද්‍යාපීඨයන් හදිසියේ කොරෝනාවට සූදානම් කරයි.

Corona Viddiya peeta Nilwala viddiya peeta Kaluthara viddiya peeta
By Aruna May 04, 2021 08:25 AM GMT
Aruna

Aruna

Report

දිවයින පුරා පිහිටි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයන් 19 යෙහිම පිහිටි නේවාසිකාගාර කෝවිඩි රෝගීන් ගේ ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පරිවර්තනය කොට තිබෙන බව වාර්තා වෙයි.

ඊයේ(3) දින පස්වරුවේ සිට කෝවිඩි රෝගින් විද්‍යාපීඨ කෝවිඩි ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත රැගෙන ඒම අරඹා ඇති බව වාර්තා වෙයි.

විද්‍යාපීඨ නේවාසිකාගාර කෝවිඩි රෝගීන් ගේ ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස ගැනිම නිසා විද්‍යාපීඨ දෙවන වසර 2018 – 2020 කණ්ඩායමේ අධ්‍යන කටයුතු ඉදිරියටත් මාර්ගගත ක්‍රමවේදයන් මගින් සිදුකිරිමට නියමිත බව වාර්තා වෙයි.

අධ්‍යාපන විද්‍යාපීඨ සීමාවාසි පුහුනුව ලබන තෙවන වසර 2017 – 2019 කණ්ඩායමේ සීමාවාසි පුහුණුව ලබන ජුලි 31ට පෙර අවසන් කර තුන් අවුරුදු පුහුණු කාලසීමාව අවසන් කිරිමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙන බව වාර්තා වෙයි.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

https://chat.whatsapp.com/LjkaxucTqx2568uU9nTqfx