ආයේ ඔක්තෝබර් පළවෙනිදට ලෝක ළමා දිනය නෑ,නව රජය දිනය වෙනස් කරයි
සාම්ප්‍රදායිකව ශ්‍රී ලංකා රජය ඔක්තෝබර් පළවෙනි දින ළමුන් වෙනුවෙන් වෙන් වූ ලෝක ළමා දිනය ලෙස පිළිගෙන තිබේ. නමුත් නව රජයේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය මේ ලෝක ළමා දිනය සමරන දවස පිළිබඳ විශේෂයෙන් අදහස් කීපයක් ඉදිරිපත් කර තිබේ.
එහි දී ඇය වැඩිදුරටත් සඳහන් කළේ එක දවසක් දරුවන් වෙනුවෙන් වෙන් කරනවා වෙනුවට හැම දවසම දරුවන් වෙනුවෙන් වෙන්කර ඔවුන්ට යහපත් අනාගතයක් උදාකර දීමට ඔවුන් කැපවෙන බවයි.

වහාම සරත් ෆොන්සේකා සහ ශවේන්ද්‍ර සිල්වා අත්අඩංගුවට ගන්න අවසන් සටනේ සුදුකොඩි අරන් යටත් උන අයට මොකද වුණේ?
එහිදී ඇය සඳහන් කළේ ළමයි අයිති රටට සහ ඒ රට තුළ දරුවන් වෙනුවෙන් සුරක්ෂිත හෙටක් හැදීමේ මූලික අරමුණ වෙනුවෙන් ඔවුන් කටයුතු කරන බවයි.
ඒ වගේම ළමුන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතීන් එක්ක කටයුතු කරන රටක් වශයෙන් ලෝකයේ අනෙකුත් රටවල් සමරන නොවැම්බර් 20 වැනි දිනටම මෙම ලෝක ළමා දිනය ලංකාවෙත් සැමරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සූදානම් කරමින් පවතින බව ඇය ප්‍රකාශ කළාය.
ඒ අනුව ඔක්තෝබර් පළමුවැනි දිනට යෙදී තිබෙන ලෝක ළමා දිනය නොවැම්බර් 20 වැනි දින සැමරීමට නව රජය අවශ්‍ය දේ සූදානම් කරන බව පැහැදිලි වේ.
