බෝතලේ මිල සෑහෙන්න ගාණකින් අඩු වෙයි?.

Latest Headlines
By krishani Aug 10, 2024 06:18 PM GMT
krishani

krishani

Report

මත්පැන් මිල ඉදිරියේ දී පහත දැමීමට කටයුතු කෙරෙමින් පවතින බවට ආරංචි මාර්ග වාර්තා කරයි.

බෝතලේ මිල සෑහෙන්න ගාණකින් අඩු වෙයි?. | Alcohol Prices

ඒ අනූව වාර්තා වන්නේ මි.ලී 750 අතිවිශේෂ අරක්කු බෝතලයක මිල රුපියල් 900-1000 අතර මුදලකින් සහ මි.ලී 175 ප්‍රමාණයේ කාලෙ බෝතලයක මිල රුපියල 200කින් පමණ අඩුවනු ඇති බවයි.

පෞද්ගලික අංශයේ සේවකයින්ට කාලෙකින් සුබම සුබ ආරංචියක් මෙන්න..

පෞද්ගලික අංශයේ සේවකයින්ට කාලෙකින් සුබම සුබ ආරංචියක් මෙන්න..


මේ අතර, පසුගියදා සුරාබදු කොමසාරිස්වරයා සහ මත්පැන් සමාගම් අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එහිදී සුරාබදු කොමසාරිස්වරයා සඳහන් කර ඇත්තේ මත්පැන් සඳහා වැඩි වශයෙන් භාවිතා කරන ස්ප්‍රීතුවල මිල අඩුවී ඇති බවයි.

එම නිසා අරක්කු මිල අඩුකරන ලෙස ඔහු ඉල්ලා ඇත.

ඉන්ධන මිල ගැන ඒ ගමන ඇහෙන අලුත් ආරංචිය මෙන්න..

ඉන්ධන මිල ගැන ඒ ගමන ඇහෙන අලුත් ආරංචිය මෙන්න..


කෙසේ වෙතත්, මෙහිදී මත්පැන් සමාගම් පවසා ඇත්තේ අරක්කු බෝතල්වල මිලෙන් 80% ක් 90%ක්ම වැට් සහ වෙනත් බදුවලින් සමන්විත බව ය.

මේ අතර, 2023 ජූලි පළමුවැනිදා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය අනූව මත්පැන් සහ මධ්‍යසාර මිල ඉහළ දැමුවේ ය.

අගෝස්තු 14 වෙනිදා සිට මෙන්න මේ දවස වෙනකම් ලැබෙන විශේෂ සහනය ගැන දැනගෙන හිටිය ද?.

අගෝස්තු 14 වෙනිදා සිට මෙන්න මේ දවස වෙනකම් ලැබෙන විශේෂ සහනය ගැන දැනගෙන හිටිය ද?.


ඒ අනූව අතිවිශේෂ අරක්කු බෝතලයක මිල රුපියල් 1000කින් ඉහළ ගියේ ය.

ReeCha