මෙරට සුප‍්‍රසිද්ධ භික්‍ෂුවකගේ ප‍්‍රාඩෝ රථයකින් මත්පැන් තොගයක් හසුවෙයි.
මහනුවර ප්‍රදේශයේ සුප්‍රසිද්ධ විහාරස්ථානයක විහාරාධිපති හිමි නමකට අයත් අධි සුඛෝපභෝගී ප්‍රාඩෝ ජීප් රථයක තිබී මත්පැන් බෝතල් තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.
මැණික්හින්න ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් එම රථයේ තිබී මත්පැන් බෝතල් 25ක් අත්අඩංගුවට ගෙන ඇති අතර එහි සිටි පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.
ඇදිරි නීතිය ක‍්‍රියාත්මක වෙද්දී මෙසේ අත්අඩංගුව ගන්නා ලද පුද්ගලයා ජීප් රථයේ රියදුරු වන අතර ඔහු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.
අත්අඩංගුවට ගත් මත්පැන් සහ ජීප් රථය පොලිසිය භාරයේ පවතින අතර මැණික්හින්න පොලිසිය විසින් පරීක්ෂණ සිදුකරමින් පවතී.
මේ අතර නිරෝධායනය ඇඳිරි නීතිය සමයේ වතුකරයේ වැඩි මිලට මත්පැන් අලෙවි කිරිම සඳහා රැගෙන යමින් සිටි මත්පැන් බෝතල් තොගයක් සමග සැකකරුවන් පස් දෙනකු පසුගියදා අත්අඩංගුවට ගැනුනා.
ඇදිරි නීති සමයේ බලපත්‍රයක් නොමැතිව වතු ආශ්‍රිතව ප්‍රදේශවල වැඩි මිලට මත්පැන් අලෙවි කිරීමට සූදානම් වූ පිරිසක් මෙලෙස බගවන්තලාව පිරිස විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරුවන් සන්තකයේ තිබී රජයේ අනුමත මත්පැන් බෝතල් එකසිය හතළිස් දෙකක් සහ බීයර් ටින් හතළිස් අටක් පොලිසිය විසින් සොයාගෙන ගැනුනා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
