ඇඟිල්ලෙ තීන්ත ගාලා පෙන්වන අයට නොමිලේ මත්පැන් සහ දීමනා රැසක්...

India Election Political Development
By Aruna Apr 26, 2024 01:28 AM GMT
Aruna

Aruna

Report

දිරිමත් කිරීමට ගත් අලුත්ම ක්‍රමයක්..

ඉන්දීය මහ මැතිවරණය පැවැත්වෙන අතරතුර කර්ණාටක ප්‍රාන්තයේ බැංගලෝර් නගරයේ ඡන්ද දායකයින් දිරිමත් කිරීම සඳහා හෝටල් සහ ආයතන උපක්‍රම කිහිපයක් භාවිතා කරමින් සිටින බව වාර්තා වනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, ඡන්දය ප්‍රකාශ කරන්නන්ට නොමිලයේ ආහාර, වට්ටම් සහිත ප්‍රවාහන සේවා, සෞඛ්‍ය පරීක්ෂණ සහ මධ්‍යසාර ද ලැබෙන බවයි .

කෙසේ වෙතත් එම වරප්‍රසාද ලබාගැනීමට නම් ඡන්දදායකින් තීන්ත සලකුණු කළ ඇගිල්ල ප්‍රදර්ශනය කළ යුතු බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසන්නේ.

මත් පැන් සම්බන්ධයෙන් එකවරම ගත් තීරණය මෙන්න..මිල ගණන් වෙනස් වෙයි??

මත් පැන් සම්බන්ධයෙන් එකවරම ගත් තීරණය මෙන්න..මිල ගණන් වෙනස් වෙයි??


මේ සඳහා ප්‍රාන්ත මහාධිකරණය අවසර ලබා දී ඇති අතර , මැතිවරණ මාර්ගෝපදේශ උල්ලංඝනය නොවන ආකාරයෙන් අදාළ කටයුතු සිදු කළ යුතු බවට නියෝග කර තිබීමද විශේෂත්වයක්.