ඇලකන්ද ඝාතනය සම්බන්ධයෙන් ඇති වූ විශේෂ සැකය...
වත්තල - ඇළකන්ද හැඳල මාර්ගයේදී අද දහවල් වෙඩි තබා තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් අතර මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධව ඇතිවූ පෞද්ගලික ආරවුලක් මත සිදුකරන්නට ඇති බවට පොලිසිය සැක පළ කරනවා.
යතුරුපැදියකින් පැමිණි නාඳුණන පුද්ගලයන් දෙදෙනෙකු විසින් අද දහවල් තරුණයෙකුට වෙඩි තබා පලාගිය අතර, ඔහු රාගම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබුණා.
23 හැවිරිදි මට්ටක්කුලිය - අලිවත්ත ප්‍රදේශයේ පදිංචි තරුණයාට වෙඩි තැබූ ස්ථානයේ තිබී ටී 56 ගිනි අවි සඳහා භාවිත කරනු ලබන පතොරම් කිහිපයක් පොලිසිය සොයාගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
ඒ අනුව මෙම වෙඩි තැබීම සඳහා ටී 56 ගිනි අවියක් භාවිත කර ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කැළණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ පොලිස් කණ්ඩායම් කිහිපයක් පත් කර තිබෙනවා.