ලෝකයේම හදවත් සංවේදී කරමින්, ගාසාවේ ලොකුම රෝහල අල් ශිෆා ගැන භයානක හෙළිදරව්වක් එළියට..
By krishani
මේ වන විට ගාසා තීරයේ අල් ශිෆා රෝහල මරණීය කලාපයක් වී ඇත.
ඒ බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර තිබෙනවා.
මේ බව ප්‍රකාශ කර ඇත්තේ අදාල රෝහලේ සිදු කළ නිරීක්ෂණයකින් අනතුරුව බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
ලෝක සෞඛ්‍ය සංවිධාන නියෝජිතයින් පවසා තිබෙන්නේ ෂෙල් සහ වෙඩි ප්‍රහාර පිළිබඳ සාක්ෂි එම රෝහලේ සිදු කළ නිරීක්ෂණයේ දී තමන් දුටු බවත් රෝහලේ පිවිසුම සමූහ මිනී වලක් බවට පත්ව තිබූ ආකාරය නිරීක්ෂණය වූ බවත් ය.
එමෙන්ම ඉතා අසාධ්‍ය තත්ත්වයේ පසුවන රෝගීන් 300 දෙනෙකු පමණ අල්ෂිෆා රෝහලේ තවදුරටත් රැදී සිටියි.
කෙසේ වෙතත්, ඔවුන් ඉන් කඩිනමින් ඉවත් කර ගැනීමට සහ රෝහල් කාර්ය මණ්ඩලයට අවශ්‍ය පහසුකම් සැපයීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ උත්සහය වී තිබෙනවා.