කොවිඩ් ආසාදිත අජිත් රෝහණ මහතාගේ අලුත්ම තත්ත්වය මන්න.

Covid Corona Police Sri Lanka Ajithi Rohana
By Aruna Aug 27, 2021 07:01 AM GMT
Aruna

Aruna

Report

කොරෝනා වෛරසය ආසාධිත ව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබූ හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සම්පූර්ණ සුවය ලබා තිබෙනවා. ‍

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සම්බන්ධ කර ගත් මොහොතේ ඔහු කියා සිටියේ මේ වන විට තමන් යහපත් සෞඛ්‍යය තත්ත්වයක පසුවන බවයි.

තවත් සුළු වේලාවකින් රෝහලෙන් බැහැර ව සිය නිවස වෙත යන බවත් ඔහු පවසා සිටියා.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා තමන් කොරෝනා වෛරසය ආසාධිත ව රෝහල් ගත වූ මොහොතේ පටන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළ සෑම දෙනාට ම ස්තූති කිරීමටත් අමතක කළේ නැහැ.

එමෙන්ම, තමන් අසාධ්‍ය තත්ත්වයේ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව ව්‍යාජ ඡායාරූප පවා උපයෝගී කරගෙන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ පුද්ගලයින්ට අනුකම්පා කරන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

වැඩිදුරටත් අදහස් දැක්වූ ‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන කියා සිටියේ රෝගය වැළඳුණු බව දැනුණු පළමු අවස්ථාවේදී ම ‍ප්‍රතිකාර සඳහා යොමු වීම අත්‍යාවශ්‍ය කරුණක් බවයි.

තමන් අද දින යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් නැවත නිවෙස වෙත යන්නේ එම ක්‍රියා පිළිවෙත අනුගමනය කිරීම නිසා බවත් මෙම රෝගය කිසිසේත් සුළුකොට තැකීම සිදු නො කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

තවත් සති දෙකක් පමණ කාලයක් නිවසේ විවේක ගැනීමෙන් අනතුරු ව සිය රාජකාරි කටයුතු ආරම්භ කරන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now