පුවත් මැවූ කබ්රාල් අවසානයේ සිදුකළ දේ මෙන්න.
රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක වෙත නිල වශයෙන් භාර දුන්නා.
රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්ගේ හිස්වෙන පාර්ලිමේන්තු අසුන සඳහා ජයන්ත කැටගොඩ පත්වෙනු ඇති.
මේ අනුව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්ගේ ඉල්ලා අස්වීමෙන් පසු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස නම් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රි සාරග කාරියවසම් මහතා ඒ බව පැවසීය.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා නිවාස දෙසීයක් ඉදිකිරීම සඳහා වන යෝජනාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර තිබේ.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවේ දැක්වෙන්නේ වියත්පුර නිවාස ව්‍යාපෘතියෙන් නිවාස ලබාදීමටත් මාදිවෙල පිහිටි මන්ත්‍රී නිවාස පිහිටි භූමියේම තවත් නිවාස 200ක් ඉදිකිරීමටත් ය.
නමුත් එම ව්‍යාපෘති සඳහා ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ ලබා දී නැති නිසා යෝජනාව සංශෝධනය කරන්න නව යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
නිර්දේශ ලබා ගැනීමෙන් පසු නව කැබිනට් සංදේශයක් ඉදිරිපත් කළ හැකි බව අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව විසින්ද නිර්දේශ කර ඇත
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |