කබ්රාල් නව පිම්මකට අද මුලපුරයි..අද කරන්න යන දේ මෙන්න.

Sri Lanka Parliament Mahinda Rajapakshe Ajith niwad kabral The central bank
By Aruna Sep 13, 2021 01:52 AM GMT
Aruna

Aruna

Report

මීළග මහ බැංකු අධිපතිවරයා ලෙස පත්වීම සදහා රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් අද ඉල්ලා අස්වීමට නියමිතව තිබෙනවා.

ඊට අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය රාජ්‍ය අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත අද භාරදීමට නියමිතයි.

අජිත් නිවාඩ් කබ්රාල් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත්වීමෙන් පසු ලබන 16 වනදා මහබැංකුවේ 16 වන අධිපතිවරයා ලෙස රාජකාරි ආරම්භ කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මීට පෙර 2006 සිට 2015 දක්වා කාලයේදී ද අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළා.

මේ අතර සංචාරකයන්ගෙන් ජනතාවට කොරෝනා බෝ නොවන ක‍්‍රමයක් ක‍්‍රියාත්මක කරනවා.

කොවිඩ් වසංගතයයෙන් බැට කන සංචාරක කර්මාන්තය නැංවීමේ පස් අවුරුදු සැලැස්මක් ක්‍රියාත්මක කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

සංචාරක කර්මාන්තය නගා නගාසිටුවීම සඳහා රජය ක්‍රියාත්මක කරන මෙම සැලැස්ම යටතේ වසංගත තත්වය හමුවේ සහ වසංගතයෙන් පසුව ඉදිරි වසර පහ තුළ සංචාරක කර්මාන්තය ගොඩනැංවීම අරමුණු වී ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

  සංචාරක අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ යුක්‍රේනයේ හිල්ටන් හෝටලයේ දී යුක්රේන සංචාරක සංවිධායකවරුන් හමු වූ අවස්ථාවේදී ය.

සංචාරක සංවර්ධන අධිකාරිය හා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය එක්ව ක්‍රියාත්මක කරන සංචාරක ප්‍රවර්ධන වැඩසටහනකට සහභාගිවීමට අමාත්‍යවරයා යුක්රේනයට ගොස් තිබිණි.

එහිදී, යුක්‍රේනයේ සංචාරක සංවිධායකවරුන් හමු වූ අවස්ථාවදී කොරෝනා වෛරස ව්‍යාප්තිය පවතින අවස්ථාවේදී ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කළ සංචාරක නියාමන ව්‍යාපෘතිය සඳහා යුක්රේනය දැක්වූ සහයෝගය අමාත්‍යවරයා අගය කළේය.

සංචාරක බුබුළු ක්‍රමය යටතේ ක්‍රියාත්මක කෙරුණු මෙම නියාමන ව්‍යාපෘතිය හරහා යුක්රේන , රුසියානු සහ කසකස්ථානු සංචාරකයින් 2258ක් මෙරටට පැමිණ ඇති අතර එම සංචාරකයින්ගෙන් වෛරසය ආසාදිත බව තහවුරු වූයේ සංචාරකයින් නම දෙනෙකුට පමණි.

ආසාදිත සංචාරකයින් ප්‍රතිකාර ලබා සුව පත් වීමෙන් අනතුරුව නැවතත් සිය මව් රට බලා පිටත්ව ගොස් තිබේ සංචාරක ව්‍යාපාරය නැවත ආරම්භ කළ රටවල ක්‍රියාත්මක වන ක්‍රමවේද සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් හා මාර්ගෝපදේශ සැලකිල්ලට ගනිමින් වසංගත තත්වය තුළ නැවතත් සංචාරක ව්‍යාපාරය ආරම්බ වූ ආකාරය අමාත්‍යවරයා එහිදී පැහැදිලි කළේය .

විශේෂයෙන් ජනතාවගෙන් සංචාරකයින්ට ත්, සංචාරකයින්ගෙන් ජනතාවටත් වෛරසය ආසාදන නොවන ක්‍රමවේදයක් අනුව සංචාරක කර්මාන්තය නැංවීමට රජය අපේක්ෂා කරයි.

එහි පළමු පියවර වශයෙන් ශ්‍රී ලාංකික ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරමින් එන්නත් කරන වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සඳහා රජය මූලික අවධානය යොමු කර ඇත.

ඒ අනුව ජනතාවගෙන් කෝටියකට වැඩි පිරිසකට එන්නත් මාත්‍රා 2ම ලබාදීමට ශ්‍රී ලංකා රජයට හැකිවීම ජයග්‍රහණයක් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

කලාපයේ අනිත් රටවලට සාපේක්ෂව ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාවට හා සුභසිද්ධියට පළමු තැන දෙමින් කටයුතු කරන රටක් ලෙස ශ්‍රී ලංකාව හඳුන්වා දුන් අමාත්‍යවරයා පැවසුවේ ඉකුත් යුද සමයේ මානුෂීය මෙහෙයුම ක්‍රියාත්මක කළ ආකාරයටම වත්මන් කොරෝණා තත්වය හමුවේ ද ශ්‍රී ලංකාව ක්‍රියාත්මක වන බවයි.

කොරෝනා තත්ත්වය යටතේ ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ දී සෞඛ්‍යය ප්‍රශ්නයකට මුහුණ දුන් විදේශීය නාවිකයන්ට අවදානම නොතකා උපකාර කිරීම හරහා ශ්‍රී ලාංකිකයන් නිහතමානී, පරාර්ථකාමී ජාතියක් ලෙස බොහෝ රටවල් හඳුන්වා දුන් බවද එහිදී අමාත්‍යවරයා සිහිපත් කළේය.

කොවිඩ් වසංගත තත්වය තුළ ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සඳහා ක්‍රියාත්මක කෙරෙන ක්‍රමවේදය මගින් සෞඛ්‍ය උපදෙස් අවශ්‍ය සංචාරකයන් සඳහා වහාම සෞඛ්‍ය සහාය ලබාදීම ද සිදු කෙරේ.

රට තුළ ක්‍රියාත්මක වෙන සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද පිළිබඳව දීර්ඝ ලෙස පැහැදිලි කල අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් පිළිගැනීම සඳහා රටක් වශයෙන් ශ්‍රී ලංකාව සූදානම් බව ද කීවේය.

මෙහිදී අදහස් දැක්වූ යුක්රේන රාජ්‍ය ඒජන්සියෙ මරියානා ඔලෙස්කියු මහත්මිය සඳහන් කළේ ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය නැංවීම සඳහා යුක්රේනයේ සහාය ශ්‍රී ලංකාවට ලැබෙන බවයි.

මෙම අවස්ථාවට යුක්රේනයේ සංචාරක සංවිධායකවරුන් 150ක් පමණ සහභාගී වූ අතර විදේශ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති අධිකාරිය සභාපති කිමාලි ප්‍රනාන්දු, ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ උප සභාපති රජිව් සූරියආරච්චි ගුවන් තොටුපල හා අපනයන සැකසුම් කලාප රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුනිල් ගුණවර්ධන ඇතුළු නියෝජිතයින් සහභාගී වූහ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now