කිරිඳිවැල දෙදරූ ඝාතනයේ භයානක හෙළිදරව්වක් - විශ්‍රාමික යුද සෙබළා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට බිරිඳ අත්අඩංගුවට
කිරිඳිවැල ප්‍රදේශයේ විශ්‍රාමික යුද හමුදා සෙබළෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් එම පුද්ගලයාගේ බිරිඳව අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකිවී ඇත.
ඒ අනුව ඉකුත් 2018.09.09 වන දින මෙම අපරාධය සිදුව තිබෙන අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය මඟින් මේ පිළිබඳව විමර්ශන ආරම්භ කර තිබුණා.
එහිදී විමර්ශන නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අපරාධය සම්බන්ධයට ආධාර අනුබල දීම හා කුමන්ත්‍රණය කිරීමේ වරදට අවශ්‍ය කර සිටි සැකකාරිය වන ඝාතනය වූ පුද්ගලයාගේ බිරිඳව ඊයේ (07) දින දහවල් කිරිඳිවැල, නාරංගස්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකාරිය අවුරුදු 49ක් වන නාරංගස්පිටිය, කිරිඳිවැල ප්‍රදේශයේ පදිංචි අයෙක්.
එසේම මේ පිළිබඳ වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරයි.