මගීන් 275ක් සමග අඩි 33000ක් ඉහළ අහසේදී ශ්‍රී ලංකන් ගුවන් යානයක් 99න් බේරෙයි.

SriLankan Airlines Accident
By Aruna Jun 15, 2022 04:34 AM GMT
Aruna

Aruna

Report

ලන්ඩනයේ සිට කොළඹ බලා පියාසර කරමින් තිබූ UL 504 ගුවන් යානය ඊයේ පස්වරුවේ කටුනායක ගුවන් තොටුපල වෙත ගොඩබස්වා ඇත්තේ තුර්කි ගුවන් සීමාවේ සිටියදී බ්‍රිතාන්‍ය එයාර්වේස් ගුවන් යානයක් සමඟ ඇති වීමට ගිය විශාල ගුවන් අනතුරක් වළක්වා ගනිමින් බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරනවා.

මගීන් 275ක් සහ කාර්ය මණ්ඩලය රැගත් ගුවන් යානය හීත්‍රෝ නුවරින් කොළඹ බලා ගමන් ආරම්භ කිරීමනේ පසු තුර්කි ගුවන් සීමාවට ඇතුළු වීමේදී අන්කාරා ගුවන් පාලකයන් විසින් UL නියමුවාට යානය අඩි 33,000 සිට අඩි 35,000ක් ඉහළට ගැනීමට දන්වා ඇත.

කෙසේ නමුත් සුපරීක්ෂාකාරීව සිටි ශ‍්‍රී ලනකන් නියමුවා සහ කාර්ය මණ්ඩලය ඔවුන්ට සැතපුම් 15 ක් ඔබ්බෙන් අඩි 35,000 ක් ඉහළින් පියාසර කරන බ්‍රිතාන්‍ය එයාර්වේස් යානයක් හඳුනාගෙන ඒ වන විටත් ඉහළින් ගුවන් යානයක් ඇති බව අන්කාරා හි ගුවන් ගමන් පාලනයට දන්වා ඇත.

එය යලි පරීක්ෂා කිරීමෙන් පසුල අන්කාරා ගුවන් ගමනාගමන පාලක විසින් ශ‍්‍රී ලන්කන් කපිතාන්වරයාට දන්වා ඇත්තේ ඔවුන්ගේ රේඩාර් පද්ධතියේ අඩි 35,000 ක් ඉහළට කිසිදු පියාසර කිරීමක් අනාවරණය නොවූ බවත්ල ශ‍්‍රී ලන්කන් යානයට ඉහලට නැගීමට අවසර දුන් බවත්ය.

නමුත් ඒ වන විට බ්‍රිතාන්‍යය යානය හඳුනාගෙන සිටි ගුවන් නියමුවා ගුවන් යානයේ රේඩාර් නිරූපන යලි පරීක්ෂා කරන ලෙස ඉල්ලා ඇති අතර එය හදුනාගැනීමෙන් පසු ඉහලට නොයන ලෙසට ප්‍රතිචාර දක්වා ඇත්තේ විනාඩි ගණනකට පසුවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now