ඇවිළුණු මැදපෙරදිග - නවතම තත්ත්වය
ඉරානයෙන් ඊශ්‍රායලය වෙත නැවතත් ප්‍රහාර එල්ල කර තිබේ.
ඉරාන ජාතික ආරක්ෂිත කවුන්සිලය ටෙහෙරාන් අගනුවර පදිංචිව සිටින පදිචිකරුවන්ට ඉන් ඉවත්ව යන ලෙස දැනුම් දී තිබේ. සන්සුන්ව සහ ආරක්ෂිතව සිටින ලෙස දැනුම්දී ඇති අතර හැකිනම් පවතින තත්ත්වය හමුවේ වෙනත් නගරයකට ගමන් කරන ලෙසත් ආරක්ෂිත කවුන්සිලය දන්වා තිබේ.
මැදපෙරදිග රටවල පිහිටි ගමනාන්ත සහ එම ගුවන් අවකාශ භාවිතා කරන ක්‍රියාත්මක වන ගමන් වාර තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රීලංකන් ගුවන් සහ ෆිට්ස් ගුවන් සමාගම් තීරණය කර තිබේ.
කටාර් අගනුවර සහ වයඹ දිග ඉරානයේ පිපිරීම් කිහිපයක් වාර්තා වී තිබේ.
ඉරානයට එල්ලවූ ඊශ්‍රායල ප්‍රහාරවල ඉලක්කය වී ඇත්තේ ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි, සන්නද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සයිඩ් අබ්දුල් රහීම්, සහ ජනාධිපති මසූර් පෙසෙස්කියන් ඇතුළු ජ්‍යෙෂඨ ඉරාන පුද්ගලයින් පිරිසක් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඊශ්‍රායලයේ ටෙල්අවිවී ප්‍රදේශයේ පිපිරීම් කිහිපයක් වාර්තා වී තිබේ. ඒ අනුව බ්‍රිතාන්‍ය ගුවන් සේවය මාර්තු 03 වන දින දක්වා ටෙල්අවිවී සහ බහරේන් වෙත සිය ගුවන් ගමන් අවලංගු කර තිබේ.
මැදපෙරදිග සියලුම ගුවන් ගමන් අත්හිටුවයි
එයාර් ඉන්දියා තීරණයක් පවතින යුදමය තත්ත්වය හේතුවෙන් මැදපෙරදිග කලාපයේ සියලුම ගුවන් ගමන් අත්හිටුවීමට ඉන්දියාවේ ජාතික ගුවන් සේවය එයාර් ඉන්දියා තීරණය කර තිබේ. නිල නිවේදනයක් නිකුත් කරමින් සමාගම ප්‍රකාශ කර ඇත්තේ මගීන්ගේ හා කාර්ය මණ්ඩලයන්ගේ ආරක්ෂාව ප්‍රමුඛතාවය දෙන බැවින් මෙම පියවර ගත් බවයි. මෙම තහනම තවදුරටත් දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන බවත් සඳහන් වේ.
මේ අතර ඉන්දියාව තම ජාතිකයින්ට ඊශ්‍රායලය තුළ අත්‍යවශ්‍ය නොවන හා අනවශ්‍ය ගමන්වලින් වැළකී සිටින ලෙසත් දැනුම් දී තිබේ.
ඉරානයේ අන්තර්ජාල සේවාව අත්හිටුවයි
ඊශ්‍රායලය හා එක්සත් ජනපදය ඉරානයට එල්ල කරන ප්‍රහාර මධ්‍යයේ ඉරානයේ අන්තර්ජාල සේවාව පූර්ණ වශයෙන් අත්හිටුවා ඇති බව වාර්තා වේ. අන්තර්ජාල නිරීක්ෂණ ආයතනයක් වන NetBlocksට අනුව එක්සත් ජනපදය හා ඊශ්‍රායලයේ ප්‍රහාර සමඟ ඉරානයේ ජාතික මට්ටමේ අන්තර්ජාල සම්බන්ධතාව සාමාන්‍ය මට්ටමෙන් 4%කට පමණක් පහත වැටී ඇති බවත්, මෙය අල්ප වශයෙන් සම්පූර්ණ අන්තර්ජාල අවහිරයක් බවත් තහවුරු වී ඇත.
මෙම අන්තර්ජාල වසා දැමීම මීට පෙරද සිදු වූ අතර, එය රට පුරා පැතිර ගිය දැවැන්ත විරෝධතා අතරතුරදී බහුලව දක්නට ලැබුණි.