මැද පෙරදිග ඇව්ලෙන යුද ගැටුම් නිසා ශ්‍රී ලංකන් ගුවන් ගමන් ගැනත් සමාගමෙන් විශේෂ නිවේදනයක්
මැද පෙරදිග කලාපය ආශ්‍රිත ගුවන් කලාප වසා දැමීම නිසා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානාවල, ගුවන් ගමන් ප්‍රමාද විය හැකි බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රකාශ කර ඇත.
ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම වැඩිදුරටත් දැනුම්දී ඇත්තේ ගුවන් යානාවල ගමන් මාර්ගයන් හි වෙනසක් සිදු කර ඇති බවයි.
එසේම ඉරානය සහ ඊශ්‍රායලය අතර උද්ගතවී ඇති ගැටුම්කාරී වාතාවරණයත් සමඟ මේ වන විට කටාර්, එක්සත් අරාබි එමීර්, බහරේන් ඇතුළු රටවල් කිහිපයක් සිය ගුවන් කලාප තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති බව සඳහන්.