ජපානයට ලංකාවේ ශ්‍රමිකයන් ගෙන්වන්න ප්‍රමුඛ සමාගමක් සමඟ ඇති වූ ගිවිසුම.

By Wayomi Apr 14, 2023 08:08 AM GMT
Wayomi

Wayomi

Report

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ජපානයේ රැකියා අවස්ථා ලබාගැනීම, මානව සම්පත් සංවර්ධනය, ජපන් ආයෝජන ලංකාවට ගෙන්වා ගැනීම සහ සංචාරක ප්‍රවර්ධනය සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකා රජය, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය සහ ජපානයේ ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරික සමූහයක් වන පැසෝනා සමූහය එක්වයි.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ජපන් නිල සංචාරය අතරවාරයේදී Awaji Island හි "Wave Riding Festival" රඟහලේදී මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තබා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අවබෝධතා ගිවිසුමට අනුව රැකියා අවස්ථා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් බදවාගැනීමට අපේක්ෂිත ජපන් ආයතනවලට අවශ්‍ය ස්ථානීය බදවා ගැනීම් සඳහා පැසෝනා සමූහය සිය සහාය ලබාදෙන අතර ඊට අමතරව ජපානයේ රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින්ට රැකියා අවස්ථා ලබාගැනීම සඳහා ද අවශ්‍ය සහාය ලබාදීමට ඔවුන් එකඟ වී තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW