සුරාවේ ආදීනව උදලු පහරකින් විසඳුණු හැටි - අගලවත්තම කම්පා කළ අහස පොළොව නුහුලන කතාව
අගලවත්ත පොලිස් වසමේ පහළ කුඩලිගම - නෑබඩ ප්‍රදේශයේ නිවසක දී පොල්ලකින් හා උදැල්ලකින් පහර දී සිදු කළ ඝාතනයක් පිළිබඳ වාර්තා වෙනවා.
බීමත් ව ඇති වූ ආරවුලක් දුරදිග යෑමෙන් මෙම ඝාතනය සිදු වී ඇති බවට යි අනාවරණය වී ඇත්තේ. මියගොස් ඇත්තේ, වයස අවුරුදු 45ක නෑබඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සැකකරු අද (09) දින මතුගම ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, අගලවත්ත පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවෙනු ඇති.
එමෙන්ම ,හොරොව්පොතාන පොලිස් වසමේ පදවිය රක්ෂිතයට අයත් වඩුවාගම ප්‍රදේශයේදී බඳින තුවක්කුවක් පත්තු වී, බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු ඊයේ (08) දින මියගොස් ඇති බවට හොරොව්පතාන පොලිසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ජීවිතක්ෂයට පත් පුද්ගලයා 42 හැවිරිදි නිකවැන, හොරොව්පොතාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මෘතශරීරය අනුරාධපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තබා තිබෙන අතර, බඳින තුවක්කුවක් අටවන ලද පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.
සිද්ධිය සම්බන්ධයෙන් හොරොව්පොතාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
