මෙරටින් ආසාදිතයන් යළිත් වැඩි වෙයි.. නැවතත් රට වහන්න වෙයි??..
මුළු ආසාදිතයින් සංඛ්‍යාව 523,550 දක්වා ඉහළට
නව කොරෝනා ආසාදිතයින් 772 දෙනෙකු ඊයේ හමුවීමත් සමඟ මෙරට මුළු ආසාදිතයින් සංඛ්‍යාව 523,550 දක්වා ඉහළ ගියා.
ඒ අනුව මෙය පසු ගිය දිනයන්ට සාපේක්ෂව වැඩිවීමක් ලෙසයි සැලකෙන්නේ.
පසුගිය 06 වැනිදා සිදු වූ තවත් කොරෝනා ආසාදිත මරණ 44ක්ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කළා.
ඊට පිරිමි පුද්ගලයන් 25ක් සහ කාන්තාවන් 19ක් ඇතුළත්.
මියගිය 39 දෙනෙක් අවුරුදු 60ට වැඩි පුද්ගලයින් වන අතර, පිරිමි පුද්ගලයින් 24ක්ද ඊට ඇතුළත් වනවා.
අවුරුදු 30ත් 59ත් අතර පුද්ගලයන් 04 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, එහි කාන්තාවන් 03 දෙනෙක් සිටින බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 13,229ක් ලෙසින්.
මේ අතර, අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මේ වන විට පවතින පුරප්පාඩු පිරවීමට අවශ්‍ය අනුමැතිය ලබා දෙන ලෙසට සෞඛ්‍ය අමාත්‍යංශය මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලිමක් කර තිබෙනවා.
සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති 22ක නියෝජිතයන් සමඟ අමාත්‍යාංශයේ ඊයේ පැවති සාකච්ඡාවකදී විෂය භාර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියේ එම ඉල්ලිම සඳහා මේ වනවිට සාධනීය අවධානයක් යොමුව ඇති බවයි.
කෙසේ වෙතත් ජනතාව ප්‍රවේශම් වී කටයුතු කල යුතු බවයි සෞඛ්‍ය අංශ පේනවා දෙන්නේ.
එසේත් නොමැතිනම් යලි රට වස දමිමිමට සිදුවනු ඇති බවටයි බොහෝ සෞඛ්‍ය නිලධාරින් පේනවා දෙන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |