මැතිවරණයෙන් පසු පාලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකක් ඉවතට - අනුර කියයි

Parliament of Sri Lanka Anura Dissanayake Anura Kumara Dissanayaka Sri Lanka Politician Election
By Parami Dissanayake Sep 05, 2024 05:13 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

වර්තමානයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකකට ඉදිරි මහ මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව නියෝජනය කිරිමේ අවස්ථාව අහිමි වන බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

ICC ''මාසයේ ක්‍රීඩිකාව'' සම්මානයට හර්ෂිතා නිර්දේශ වේ...

ICC ''මාසයේ ක්‍රීඩිකාව'' සම්මානයට හර්ෂිතා නිර්දේශ වේ...

ජාඇළ ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමින් ජනාධිපති අපේක්ෂක අනුර කුමාර සඳහන් කළේ, ජාතික ජන බලවේගයේ ජයග්‍රහණයෙන් පසුව කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරන බවයි.

එමෙන් ම, ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණය පවත්වන තෙක් ව්‍යවස්ථානුකූලව රට පාලනය කිරීමට කටයුතු කරන බවයි.