ඔබේ ජීවිතය අනතුරේ බව නොදැන රස කර කෑවාද ඔබත් දඩ මස්.. ඇඟ හිරිවැටෙන භයානක අනාවරණයක්..
අප්‍රිකානු සූකර උණ වල් ඌරන් අතර ද ව්‍යාප්තවී ඇතැයි, වන ජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ වන විට යාල වනෝද්‍යානයේ ඌරන් 100කට අධික පිරිසක් සූකර උණ වැළදී මිය ගොස් ඇති බවයි.
මීට අමතරව , රත්නපුර , කළුතර , මහනුවර , සියඹලාණ්ඩුව ඇතුළු ප්‍රදේශ ගණනාවක වන ගත ප්‍රදේශ වල ජීවත්වන වල් ඌරන් අතර ද වෛරසය ව්‍යාප්තවී ඇති බවට තොරතුරු වාර්තා වන බව, එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.
පවතින තත්තවය හමුවේ වනෝද්‍යානය තුළ විවෘත කඳවුරුබිම් තුළට ඌරු මස් රැගෙන යාම තාවකාලිකව අත්හිටුවා තිබේ.
You may like this video