සංචාරක අංශ සංවර්ධනයට ආසියා සංවර්ධන බැංකුවෙන් ණය
තිරසර සංචාරක අංශ සංවර්ධන වැඩසටහන (STSDP) ක්‍රියාත්මක කිරීම සඳහා ආසියා සංවර්ධන බැංකුව සමඟ ණය ගිවිසුම් වලට එළඹීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.
ආසියා සංවර්ධන බැංකුවෙන් ලබා ගැනීමට නියමිත අරමුදල් උපයෝගී කර ගනිමින් තිරසර සංචාරක අංශ සංවර්ධන වැඩසටහන (STSDP) ක්‍රියාත්මක කිරීමට සහ ඒ සඳහා වන ණය සම්මුති සාකච්ඡා පැවැත්වීමට මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වේ.
ඒ අනුව, රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය විසින් නිර්දේශ කරනු ලැබ ඇති නියමයන් හා කොන්දේසි යටතේ එකී වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා සහනදායී සාමාන්‍ය ප්‍රාග්ධන සම්පත් මඟින් ඇමෙරිකා ඩොලර් මිලියන 70ක් සහ ආයෝජන සංරචකය සඳහා නිත්‍ය සාමාන්‍ය ප්‍රාග්ධන සම්පත් මඟින් ඇමෙරිකා ඩොලර් මිලියන 30 ක් වශයෙන් ඇමෙරිකා ඩොලර් මිලියන 100ක් ලබා ගැනීම පිණිස සාකච්ඡා සම්මුති පවත්වා ඇත.
නීතිපති දෙපාර්තමේන්තුව මෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ද එම මූල්‍ය පහසුකම ලබා ගැනීම සඳහා අවසර ලබා දී ඇත.
මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව වන තිරසර සංචාරක අංශ සංවර්ධන වැඩසටහනේ ක්‍රියාකාරකම් මුල්‍යකරණය කිරීමට හැකි වන පරිදි එකී ණය මුදල ලබා ගැනීම පිණිස ආසියා සංවර්ධන බැංකුව සමඟ ගිවිසුම් වලට එළඹීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මෙලෙස අනුමත කර ඇත.