ජනතාවට මෙන්න රතු නිවේදනයක් - විදුලි කප්පාදුවටත් සූදානම් වන්න

Report

ජුනි මස 10 වනදා සිට දිවයිනේ නිරිත දිග කොටසට වැසි තත්ත්වය තද වශයෙන් ඉහළ යාම සහ දිවයින පුරා, මෙන්ම වෙරළාසන්න මුහුදු ප්‍රදේශවල විටින් විට තද සුළං ඇතිවීම බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කරයි.

මෙම කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් නිකුත් වන ඉදිරි නිවේදන සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු බවත්, අවශ්‍ය පියවර ගන්නා ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටී.

කැරලි කෝලාහල නිසා රටම ගිනිගනී (PHOTO)

කැරලි කෝලාහල නිසා රටම ගිනිගනී (PHOTO)

වර්ෂා තත්ත්වය පිළිබඳව විශේෂයෙන් පහත පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැක.

බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වල මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක එසේම, උතුරු සහ ඌව පළාත්වලදී සවස් හෝ රාත්‍රී වේලාවන්හි ස්ථාන කිහිපයක ගිගුරුම් සහිත වැසිද ඇති විය හැක.

පොසොන් උත්සවයට යනවනම් මේ APP එක අනිවාර්යයෙන්ම දාගන්න (PHOTO)

පොසොන් උත්සවයට යනවනම් මේ APP එක අනිවාර්යයෙන්ම දාගන්න (PHOTO)

අතිරේකව, මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ, දකුණු පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේද පැ.කි.මී. 30-40 දක්වා සුළං වේගය ඇතිවිය හැක.

තවද, ගිගුරුම් සහිත වැසි සමඟ පැනනැගිය හැකි තාවකාලික සුළං සහ අකුණු නිසා සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය සුරක්ෂිත පියවර ගන්නා ලෙසත් ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.  

ජනාධිපති සමාව දීමේ සිද්ධිය - අනුරාධපුර බන්ධනාගාර අධිකාරි අත්අඩංගුවට

ජනාධිපති සමාව දීමේ සිද්ධිය - අනුරාධපුර බන්ධනාගාර අධිකාරි අත්අඩංගුවට