මෙරට අතිදක්ෂ රංගන ශිල්පිනියක් කොරෝනාවට බිළි වෙයි
මුල් කාලීන ටෙලි නාට්‍ය ගණනාවකින් දක්ෂතාවයන් ප්‍රකට කළ රංගන ශිල්පිණී සමන්තා ඈපාසිංහ සිය දිවිසැරිය නිම කොට තිබෙනවා. කොරෝනා ආසාදනය වී හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මෙසේ අභාවාප්‍රාප්ත වූ බවයි අපට වාර්තා වුනේ.
කෙළි මඩල, රජෙක් වගේ පුතෙක්,සයනයේ සිහිනය, විජය ගීතා, ලොකුදුව, ඇයි ඔබ තනිවෙලා, සිහින විමානේ රාජ කුමාරි, පුතුනි මට වාසනා, ඇතුළු චිත්‍රපට රැසකට ද ඇය සිය රංගන දායකත්වය ලබාදී ඇති අතර වේදිකා නිලියක ලෙසද නටයුතු කර තිබෙනවා.
රජෙක් වගේ පුතෙක් චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් 1993 වසරේදී හොදම නැගී එන නිළිය ලෙස සරසවි සම්මානය ද දිනා ඇති බව සඳහන්.
කෙසේ වෙතත් ඇය 2001 දී පමණ එංගලන්තයේ පදිංචියට ගිය නිසා ටෙලි නාට්‍ය කලාවෙන් ඉවත්වූ අතර 2011 ඇය නැවත සිය රට පැමිණියේ ඇයට විදේශයේදී හටගත් රෝගී තත්ව කිහිපයකට ප්‍රතිකාර ලබමිනුයි. ඇය විවාපත් නොවුනු අතර මව සමග නිවසේ වාසය කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |

