"..මන් විවහා වෙන්න කලින් අම්ම කෙනෙක් වුණා.ඒ ගැන හරිම සතුටුයි.." කවුරුත් ආදරේ කරන සුරූපී නිළි හේෂානි ලියදිපිට (ධරණී) - (PHOTOS)
හේෂානි ලියදිපිට කියලා කියනවාටත් වඩා ඇයව ගොඩක් දෙනෙක් ආමන්ත්‍රණය කරන්නේ ධරණි කියන නමින්. ඒ ධරණි ටෙලි නාට්‍යයේ ඇය රඟ දක්වන්නා වූ තාත්වික රංගනය නිසාමයි.
සාමාන්‍ය තරුණියකගේ ජීවන රටාවට හාත්පසින්ම වෙනස් වූ ජීවන රටාවක් ඇති තරුණියගේ චරිතය නිරූපණය කරන ඇයව ප්‍රේක්ෂකයා වැළඳ ගන්නේ ඉතාමත් කැමැත්තෙන්.ඇය රංගන දිවියට පිවිසෙන ප්‍රථම නාට්‍ය වන්නේ ධරණි ටෙලිනාට්‍යයයි.
දෙරණ අවුරුදු කුමරිය ලෙස අභිෂේක ලත් ඇය පසුගියදා සහභාගි වූ මාධ්‍ය සාකච්ඡාවක දී ඇයගේ ටෙලි නාට්‍ය අත්දැකීම පිළිබඳව අදහස් දැක්වූයේ මේ අයුරින්. ඇත්තටම මම මේ වෙලාවේ දෙරණ නාලිකාවට ස්තූතිවන්ත වෙන්න ඕනේ මට මේ වගේ අවස්ථාවක් ලබා දුන්නට.
මම ධරණි ටෙලි නාට්‍ය රඟ දක්වන්න කලින් කවදාවත්ම සටන් කලාව පිළිබඳව අධ්‍යනය කරලා නැහැ.ඒ නිසා මේ ටෙලි නාට්‍යයේ පුහුණුවීම් කටයුතු කරන්න වුනේ marster කෙනෙක්ගෙ අනුදැනුම යටතේ.
ඇත්තටම මම ඔහුගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඒ ලබපු පුහුණුවීම් එක්ක තමයි මට මේ තරම් සාර්ථක විදිහට සටන් කලාව පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගන්නට පුළුවන් වුණේ. ඇත්තටම මුලින්ම මං ගොඩක් බය වුනා සටන් ජවනිකා වල නිරත වෙන්න.
නමුත් එයාල එක්ක වැඩ කරද්දි හිතේ තියෙන බය නැති වුණා. එයාල එක්ක පුහුණුවීම් කරන කොට ඇත්තටම එයාලා මාව ගොඩක් පරිස්සම් කළා. මාස්ටර්ගෙ ගෝලයන්ගෙන් නම් එහෙම සැරට පාරවල් ලැබුණේ නැහැ. නමුත් පිටින් එක ගෙනාපු ආධුනික ගැහැණු ළමයින්ගෙන් ඇත්තටම දරුණුවට පහර වැදුණු අවස්ථා තිබුණා.
ගුටි කාපු සමහර තැන් දවස් ගණන් නිල් වෙලා තිබුණා. ඒත් ඉතින් ඒ ටෙලි ටෙලිනාට්‍යයේ මම ලබපු අත්දැකීම් බොහොමයි.ධරණී කතාවේ චරිතය ලොකු අභියෝගයක්, සැමියා නැති බිරිදක් දරුවෝ දෙන්නෙක්ගේ අම්මා කෙනෙක්. මේ චරිතයට රංගනයෙන් දායක වෙන්නේ හදවතින්මයි, විවහා වෙන්න කලින් අම්මා කෙනෙක් වුනා. ඉතින් කෙටි කාලයක් තුන පලවෙනි ටෙලි නාට්යනම ජනප්‍රිය වෙන්න ලැබීම ගැන නම් සතුටුයි.
ජනප්‍රිය නළු නිළියන්, ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න |