Yes Boss නාට්‍යයෙන් රටම හිනැස්සු සමන් අල්මේදාට අසාධ්‍යයි - රසිකයන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරයි

Report

ශ්‍රී ලංකාවේ රංගන ක්ෂේත්‍රයේ දක්ෂ නළුවකු වූ සමන් අල්මේදා කලාකරුවා මේ වනවිට දැඩි ලෙස රෝගාතුර වී රෝහල්ගතව ඇති පුවතක් වාර්තා වේ.

සිරස නාලිකාවේ විකාශය වූ “Yes Boss” ටෙලිනාට්‍යයේ “පිංතු” නම් ආරක්ෂක නිලධාරී චරිතයට පන පොවමින් ඔහුගේ හාස්‍ය රංගනය මගින් රසික හදවත් දිනා ගැනීමට සමන් අල්මේදා මහතා දක්ෂ විය.

“Yes Boss” ටෙලිනාට්‍යයට අමතරව සබඳ පබිලිස්, සකිසඳ එලියස් වැනි ජනප්‍රිය ටෙලිනාට්‍ය රැසකම රංගනයෙන් දායක වී තමන්ගේ දක්ෂතාවය මගින් ප්‍රේක්ෂක ආදරය දිනා ගැනීමට මොහුට හැකි විය.

ඒ ආදරණීය රංගන ශිල්පියා මේ වනවිට රෝගාතුර වී ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ 14 වන වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ. සමන් අල්මේදා මහතාට ඉක්මන් සුවය පතා ඔහුගේ රසිකයන් සියලු දෙනා මේ වනවිට ප්‍රාර්ථනා කරමින් සිටියි. ඔහුට ශක්තිය, සුවය සහ දිගු ආයුෂය ලැබේවා! 

GalleryGalleryGalleryGallery