වැඩබලන නව පොලිස්පති වැඩ අරඹයි.
By Wayomi
වැඩබලන නව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මීට සුළු මොහොතකට පෙර වැඩ භාර ගනු ලැබුවා.
ජනාධිපතිවරයා විසින් ඊයේ (29) වැඩබලන පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් පත් කරනු ලැබුවා.
අනතුරුව ඔහු කොළඹ හුණුපිටිය ගංගාරම විහාරස්ථානයට පැමිණ ආගමික වතාවත්වලද නිරත වූ අතර එහිදී ඔහු ප්‍රකාශ කළේ, ජාතික ආරක්ෂාවට මුල්තැන දෙමින්, මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ මර්දනයට කටයුතු කරන බවයි.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කරන දේශබන්දු තෙන්නකෝන් මුදියන්සේලාගේ වංශාලංකාර දේශබන්දු තෙන්නකෝන් හෙවත් T. M. W. D. තෙන්නකෝන්, පොලිස් සේවය වෙත එක්වී ඇත්තේ 1998.02.23 වන දායි.
2019.11.20 දින ඔහු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස්වීම් ලැබූ අතර 2031.03.07 පොලිස් සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිතයි.