වේගය පාලනය කරගැනීමට නොහැකිව ත්‍රීරෝද රථයක් පෙරළෙයි
By Sithumi
හැටන් - බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ වනරාජා වත්ත කොවිල අසලදී ත්‍රීරෝද අනතුරට ලක්වී තිබෙනවා. එම අනතුරෙන් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා දික්ඔය මුලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මෙලෙස තුවාල ලබා ඇත්තේ ත්‍රීරෝද රථයේ ගමන් කළ පුද්ගලයෙක් වන අතර ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි බස් රථයට ඉඩ ලබාදීමට යාමේදී ත්‍රිරෝද රථයේ වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයේ පෙරළී ගොස් තිබෙනවා. ත්‍රීරෝද රථයේ රියදුරාගේ අපරික්ෂාකාරි රිය ධාවනය අනතුරට හේතුවී ඇති බවයි පොලීසිය පැවසුවේ.
මෙම ත්‍රීරෝද රථයේ එකම පවුලේ පිරිසක් ගමන් කර ඇති අතර එහි මාස 5ක් වයසැති බිළිඳෙකු ද සිට තිබ
මෙම පිරිස අලුතින් මිලදී ගත් ත්‍රීරෝද රථයට පුජාවක් පැවැත්වීම සඳහා යමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇති බවද වාර්තා වනවා.