ඉන්දන බවුසරයක් පෙරලීමෙන් සිදුවූ දරුණු අනතුර (PHOTOS)
සපුගස්කන්ද සිට කොටගල ඛනිජතෙල් නීතිගත සංස්ථා තෙල් ගබඩා සංකීර්ණයට ඉන්ධන ප්‍රවාහනය කරන ලද බවුසරයක් අනතුරට ලක්ව තිබේ.
අප වාර්තාකරු පැවසුවේ, ගිනිගත්හේන නගරයට ඉහළින් වු ඇඟලුම් කර්මාන්ත ශාලාව අසල පෙරළි යාම හේතුවෙන් බවුසරයේ ඉන්ධන කාන්දු වෙමින් පවතින බවය.
අද (13) සවස 5ට පමණ බවුසරය හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන ප්‍රදේශයේ දී මාර්ගයේ එක් මංතිරුවක් හරහා පෙරළී ගොස් තිබේ. බවුසරය අනතුරට ලක්වන අවස්ථාවේ දී එහි රියදුරු සිරවී සිට පසුව ඔහුව බේරාගෙන ගිනිගත්හේන ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කළ බව ගිනිගත්හේන පොලීසිය පවසයි.
බවුසරය අනතුරට පත්වෙන අවස්ථාවේ එහි ඩීසල් ලීටර 33,000ක් තිබී ඇති බවත් ඉන් කුඩා ප්‍රමාණයක් කාන්දු වෙමින් පවතින බැවින් ජනතාවට බවුසරය අසල ට නොඑන ලෙසත් පොලීසිය සඳහන් කරයි.
ප්‍රධාන මාර්ගයේ එක් මංතිරුවක් හරහා පෙරළුණු බවුසරයේ ඉන්ධන ඉවත් කර බවුසරය මාර්ගයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බවද ගිනිගත්හේන පොලීසිය පැවසිය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |




