ටිපර් රථයක් පෙරළීමෙන් රථ වාහන ගමනාගමනයට බාධා

Sri Lanka Police Nuwara Eliya Central Province
By Gagana News Feb 24, 2025 10:12 AM GMT
Gagana News

Gagana News

Report

මහියංගණයේ සිට තලවකැලේ දක්වා වැලි ප්‍රවාහනය කළ ටිපර් රථයක් අනතුරට පත්වීමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා එල්ල වී තිබේ.

එම ටිපර් රථයේ වැලි ප්‍රධාන මාර්ගය හරහා විසිරීමෙන් රථ වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව නානුඔය පොලිසිය සඳහන් කරයි.

අනතුර අද (24) උදෑසන තලවකැලේ - නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ නානුඔය ඩෙස්පොඩ් ප්‍රදේශයේ දී සිදුව තිබුණු අතර අනතුරින් කිසිවෙකුටත් හානි සිදුව නොමැත.

ටිපර් රථයේ හදිසියේ ඇති වු හදිසි කාර්මික දෝෂයක් හේතුවෙන් ටිපර් රථය රියදුරු පාලනයෙන් මිදී ඉදිරියට ඇදි ගොස් මාර්ගය අභියස පිහිටි කන්දක ගැටී ටිපර් රථය මාර්ගය හරහා පෙරළී ගොස් ඇත.

ටිපර් රථය අනතුර පත් වන අවස්තාවේ එහි වැලි කියුබ් තුනක් ප්‍රවාහනය කර ඇති බවත්, අනතුරෙන් වැලි විශාල ප්‍රමාණයක් මාර්ගය හරහා විසිරී යාම නිසා මාර්ගය ලිස්සන සුළු බවක් ඇති බැවින් අනතුර සිදු වු ස්ථානයෙන් රථ වාහන ධාවනය කිරීමේදි සැලකිලිමත් වන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී. 

දේශබන්දුට තවත් නඩුවක්!!!

දේශබන්දුට තවත් නඩුවක්!!!

ReeCha