හේතු සොයන්න පොලිස් පරීක්ෂණ ඇරභේ
Sri Lanka Police
Accident
Sinhala news
By Hashan
අද උදැසන කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී සිදු වූ බස් රථ අනතුරට හේතුව සොයා බැලීම සදහා පොලිස් පරීක්ෂණ මේ වන විට ආරම්භ කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පවසා සිටියා.
අදාළ බස් රථ අනතුරට හේතුව රියදුරුගේ නොසැලකිලිමත් බවද , එසේත් නැතිනම් රථයේ තිබු යම් කාර්මික දෝෂයක්ද යන්න සොයා බැලීමට බලාපොරොත්තු වන බව සදහන්.
නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා පැවසුවේ මෙම අනතුර සම්බන්ධ විමර්ශන කොත්මලේ පොලීසිය විසින් සිදු කරන බවයි.
අනතුරින් මේ වන විට පිරිමි පුද්ගලයින් 16 හා කාන්තාවන් 05ක් ඇතුලත්ව පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් ඇති අතර පුද්ගලයින් 35කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා රෝහල් ගත කර ප්‍රථිකාර ලබමින් සිටි .
