මාර්ගයෙන් ඉවතට පැන්න වාහනය පදිකයින් තිදෙනෙකුගේ ගැටෙයි - එක් අයෙක් මිය යයි..

Sri Lanka Police Accident
By krishani Sep 11, 2022 06:20 AM GMT
krishani

krishani

Report

මහනුවර මුල්ගම්පල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් තරුණියක් මියගොස් ඇත.

වෑන් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පදිකයින් තිදෙනෙකුගේ සහ නවතා තිබූ යතුරු පැදියක ගැටී ඇති අතර එහිදී පදිකයින් තිදෙනා, යතුරු පැදිකරු සහ වෑන් රථයේ ගමන් කළ කාන්තාවක් තුවාල ලබා මහනුවර රෝහලට අතුළත් කර ඇත

බරපතළ තුවාල ලබා සිටි පදික කාන්තාවක් ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙන අතර මියගොස් ඇත්තේ 26 හැවිරිදි හීරැස්සගල ප්‍රදේශයේ පදිංචිකාරිණියක් බව වාර්තා වේ.

අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.