නිවසක් මතට සහල් ලොරියක් කඩා වැටෙයි..(PHOTOS)

Nuwara eliya Haggala Accide
By Aruna May 30, 2021 06:43 AM GMT
Aruna

Aruna

Report

නුවරඑළිය, හග්ගල ලොකු වංගුව ප්‍රදේශයේ දී ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන නිවසක් මතට පෙරළීමෙන් අනතුරක් සිදුව තිබේ.

අද (30) උදෑසන 8.15ට පමණ මහනුවර සිට වැලිමඩ දක්වා සහල් ප්‍රවාහනය කළ ලොරි රථයක් එලෙස අනතුරට ලක්ව ඇත.

ලොරිය පෙරළී යෑමෙන් එම ලොරි රථයේ ගමන් ගත් රියදුරා සහ රිය සහයකයා තුවාල ලබා නුවරඑළිය මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බව නුවරඑළිය පොලීසිය පැවසිය.

බෑවුම් සහිත ප්‍රදේශය පසුකර යනවාත් සමඟ ම ලොරි රථය මාර්ගයේ ආරක්ෂිත පැති බැම්ම කඩාගෙන ගොස් නිවසක් මතට පෙරළීමෙන් එම නිවසට දැඩි අලාභ සිදුව තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ දී නිවසේ නිදන කාමරයේ මව සිටි බවත් පසුව ඇයව වෙනත් ස්ථානයකට රැගෙන ගිය බවත් අනතුරෙන් අලාභ සිදුවු නිවසෙහි හිමිකරු පැවසීය.

නුවරඑළිය - හග්ගල ලොකු වංගුව ප්‍රදේශ මීට ඉහත දී අනතුරු කිහිපයක් ම සිදුව තිබුණි.

එයට විකල්පයටක් ලෙස මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලය මඟින් වේග සීමා පනවා ඇති අතර, මාර්ගය හරහා වේගය පාලනය කිරීමට බාධක කිහිපයක් ද ස්ථාපනය කර ඇත.

ලොරි රථයේ හදිසියේ ඇති වු කාර්මික දෝෂයක් අනතුරට හේතුව වී ඇති බව නුවරඑළිය පොලීසිය පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now  


GalleryGalleryGalleryGalleryGallery