ප්‍රධාන ඉංජිනේරුවරයෙක් නෞකාවේ ඉහල මහලෙන් මුහුදට වැටී මියයයි..

Sri Lanka Accident Death
By Aruna Jun 01, 2023 06:27 AM GMT
Aruna

Aruna

Report

ගාල්ල වරායේ නැංගුරම් ලා තිබු අබුඩාබි රාජ්‍යයට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ ප්‍රධාන ඉංජිනේරුවරයා නෞකාවේ ඉහල මහලෙන් මුහුදට වැටිමෙන් අද (01) අළුයම මියගොස් ඇති බව ගාල්ල වරාය පොලිසිය පවසනවා.

නෞකාවේ ප්‍රධාන ඉංජිනේරුවරයා මුහුදට වැටිමෙන් පසු නෞකාවේ සේවකයින් ඔහු ගොඩට ගෙන කරාපිටිය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් ඇති බවයි පවසන්නේ.

මියගොස් ඇත්තේ 62 හැවිරිදි ලිතුවෙනියා ජාතිකයෙක් බවයි පැවසෙන්නේ.

මෙකි නෞකාව අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ඉකුත් 29 වැනිදින සිට ගාල්ල වරායේ නැංගුරම් ලා තිබූ බවයි පැවසෙන්නේ.

නෞකාවේ ප්‍රධාන ඉංජිනේරුවරයාගේ දේහය මේ වනවිට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත්කොට ඇත.

තානාපති කාර්යාලය දැනුවත් කොට ඉදිරියේ දි පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්විමට කටයුතු කරන බව පොලිසිය පවසයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now